එහි සිටියවුන්ගෙන් සමහරෙක් කථාකොට: කොටළු වස්සා ලිහන්නේ මක්නිසාදැයි ඔවුන්ගෙන් ඇසුවෝය.
නුඹලා ඉදිරිපිට තිබෙන ගමට යන්න, ගිය කෙණෙහිම එහි කොටළුදෙනක්ද ඈ සමඟ පැටවෙක්ද බැඳ සිටිනවා නුඹලාට සම්බවෙයි. උන් ලිහා මා ළඟට ගෙනෙන්න.
ඔව්හු ගොස්, දොර ළඟ පිටත මාවත අසල බැඳ සිටි කොටළු වස්සෙකු දැක ඌ ලිහුවෝය.
යේසුස්වහන්සේ කී ලෙසම ඔව්හු ඔවුන්ට කීවෝය. එවිට ඔව්හු ඔවුන්ට යන්ට හැරියෝය.