ඔව්හු ගොස්, දොර ළඟ පිටත මාවත අසල බැඳ සිටි කොටළු වස්සෙකු දැක ඌ ලිහුවෝය.
නුඹලා ඉදිරිපිට තිබෙන ගමට යන්න, ගිය කෙණෙහිම එහි කොටළුදෙනක්ද ඈ සමඟ පැටවෙක්ද බැඳ සිටිනවා නුඹලාට සම්බවෙයි. උන් ලිහා මා ළඟට ගෙනෙන්න.
ගෝලයෝ යේසුස්වහන්සේ ඔවුන්ට අණකළ ලෙස කොට, පාස්කුව පිළියෙළකළෝය.
නුඹලා මේක කරන්නේ මක්නිසාදැයි යමෙක් නුඹලාට කියන්නේ නම්, ස්වාමීන්වහන්සේට උගෙන් ඕනෑකමක් තිබේ; උන්වහන්සේ වහාම ඌ ආපසු මෙහි එවනසේකැයි ඔහුට කියන්නැයි ඔවුන්ට කීසේක.
එහි සිටියවුන්ගෙන් සමහරෙක් කථාකොට: කොටළු වස්සා ලිහන්නේ මක්නිසාදැයි ඔවුන්ගෙන් ඇසුවෝය.
උන්වහන්සේගේ මෑණියෝ: උන්වහන්සේ නුඹලාට කියන කොයි දෙයක් නුමුත් කරන්නැයි මෙහෙකරුවන්ට කීවාය.
ඇදහිල්ලෙන්, ආබ්‍රහම් කැඳවනු ලැබූ කල තමාට උරුමයක් පිණිස පසුව ලැබෙන්ට තිබුණු ස්ථානයකට පිටත්ව යන හැටියට කීකරුවී, තමා කොතැනට යනවාදැයි නොදැන පිටත්ව ගියේය.