Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



මතෙව් 19:6

Sinhala Revised Old Version

මෙසේ ඔව්හු එවක් පටන් දෙදෙනෙක් නොව එකම මාංසය වෙති. එබැවින් දෙවියන්වහන්සේ එක්කළ දෙය මනුෂ්‍යයා වෙන් නොකෙරේවයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

10 හුවමාරු යොමු  

තමාගේ දෙවියන්වහන්සේගේ ගිවිසුම සිහි නැතිකරන්නාවූ අන් තැනැත්තියගෙන් නුඹ ගැළවෙනවා ඇත.

එහෙත් නුඹලා: ඒ මක්නිසාදැයි අසන්නහුය. ස්වාමීන්වහන්සේ නුඹ සහ නුඹේ තරුණ වයසේ භාර්යාවත් අතරේ සාක්ෂිව සිටි නිසාය; ඈ නුඹේ පංගුකාරීව, නුඹේ ගිවිසුමේ භාර්යාවව සිටින නුමුත්, නුඹම ඈට විරුද්ධව ද්‍රෝහිකම්කළෙහිය.

මක්නිසාද [භාර්යාවන්] අත්හැරදැමීමට මම ද්වේෂකරමියි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක; තමාගේ වස්ත්‍රය බලාත්කාරයෙන් වසන්නාටත් මම ද්වේෂකරමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එබැවින් නුඹලාගේ ආත්ම ගැන ප්‍රවේසම්වී, ද්‍රෝහිකම් නොකර සිටින්න.

ඒ නිසා මනුෂ්‍යයෙක් තමාගේ පියා සහ මවු අත්හැර තමාගේ භාර්යාවට ඇලුම්වන්නේය කියාද ඒ දෙදෙන එක මාංසය වන්නෝය කියාද කී බවත් නුඹලා කියෙවුවේ නැද්ද?

ඔව්හු කථාකොට: එසේවී නම් ඇත්හැරීම් පත්‍රයක් දී ඈ අත්හරින්ට මෝසෙස් අණකළේ මක්නිසාදැයි උන්වහන්සේට කීවෝය.

එබැවින් දෙවියන්වහන්සේ එක්කළ දෙය මනුෂ්‍යයා වෙන් නොකෙරේවයි කීසේක.

පුරුෂයෙකු ඇති ස්ත්‍රී පුරුෂයා ජීවත්ව සිටිනතෙක් ව්‍යවස්ථාවෙන් ඔහුට බැඳී සිටින්නීය; නුමුත් පුරුෂයා මැරුණොත්, පුරුෂයාට බැඳී සිටි ව්‍යවස්ථාවෙන් ඈ මිදී සිටින්නීය.

එසේම පුරුෂයන් විසින්ද තමුන්ගේ භාර්යාවන්ට තමුන්ගේම ශරීරවලට මෙන් ප්‍රේමකටයුතුය. තමාගේ භාර්යාවට ප්‍රේමකරන තැනැත්තේ තමාටම ප්‍රේමකරන්නේය.

විවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව, යහන නොකිලුටුව තිබේවා; මක්නිසාද වේශ්‍යාකම්කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද දෙවියන්වහන්සේ විනිශ්චයකරනසේක.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්