Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



මතෙව් 19:5

Sinhala Revised Old Version

ඒ නිසා මනුෂ්‍යයෙක් තමාගේ පියා සහ මවු අත්හැර තමාගේ භාර්යාවට ඇලුම්වන්නේය කියාද ඒ දෙදෙන එක මාංසය වන්නෝය කියාද කී බවත් නුඹලා කියෙවුවේ නැද්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

19 හුවමාරු යොමු  

ඔහුගේ සිත යාකොබ්ගේ දූවූ දීනා කෙරෙහි ඇලුම්විය, ඔහු ඒ තරුණියට ආදරව ඈට කරුණාවන්ත ලෙස කථාකෙළේය.

මාගේ සහෝදරවූ යොනාතාන්, නුඹ ගැන මට ශෝකය ඇත්තේය. නුඹ මට ඉතා ප්‍රියකරුව සිටියෙහිය. මා කෙරෙහි වූ නුඹේ ආදරය පුදුමය, ස්ත්‍රීන්ගේ ආදරයට වඩා මහත්ය.

සැබවින්ම ඔවුන් නුඹලාගේ සිත් තමුන්ගේ දෙවිවරුන් වෙතට හරවන බැවින් නුඹලා ඔවුන් අතරට නොයා යුතුය, ඔවුන්ට නුඹලා අතරට එන්ට ඉඩ නොදිය යුතුය කියා ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට යම් යම් ජාතීන් ගැන කීසේක්ද ඒ ජාතීන්ට සාලමොන් ස්නේහයෙන් ඇලුම්වූයේය.

දියණියෙනි, අසව, කල්පනාකරව, කන් යොමුකරව; නුඹේම සෙනඟත් නුඹේ පියාණන්ගේ ගෙදරත් සිහිනැතිකරව;

මාගේ ආත්මය ඔබට ඇලුම්ව ඔබ අනුව යයි. ඔබගේ දකුණත මා උසුලයි.

ආත්මයේ ඉතිරි කොටස උන්වහන්සේට තිබුණු නුමුත් උන්වහන්සේ එකෙකු නොසෑදූසේක්ද? එකෙකු සෑදුවේ මක්නිසාද? උන්වහන්සේ භක්තිවන්ත වංශයක් සෙවූ නිසාය. එබැවින් නුඹලාගේ ආත්මය ගැන ප්‍රවේසම්වෙන්න, කිසිවෙක් තමාගේ තරුණ වයසේ භාර්යාවට විරුද්ධව ද්‍රෝහිලෙස ක්‍රියා නොකෙරේවා.

මෙසේ ඔව්හු එවක් පටන් දෙදෙනෙක් නොව එකම මාංසය වෙති. එබැවින් දෙවියන්වහන්සේ එක්කළ දෙය මනුෂ්‍යයා වෙන් නොකෙරේවයි කීසේක.

ප්‍රේමය වංචා රහිත වේවා. නපුරට පිළිකුල්කොට යහපතට ඇලුම්වෙන්න.

නොහොත් වේශ්‍යාවියෙකුට එක්වූ තැනැත්තේ එකම ශරීරය වන බව නොදනිවුද? මක්නිසාද: දෙදෙනම එක මාංසය වන්නෝයයි උන්වහන්සේ කියනසේක.

නුමුත් වේශ්‍යාකම් නිසා එක එක පුරුෂයා තම තමාගේම භාර්යාවද එක එක ස්ත්‍රී තම තමාගේ පුරුෂයාද ඇතිව සිටීවා.

භාර්යාවගේ ශරීරය කෙරෙහි බලය ඇත්තේ ඈට නොව පුරුෂයාටය. එසේම පුරුෂයාගේ ශරීරය කෙරෙහි බලය ඇත්තේ ඔහුට නොව භාර්යාවටය.

මේ නිසා මනුෂ්‍යයෙක් තමාගේ පියාද මවුද අත්හැර, තමාගේ භාර්යාවට ඇලුම්වන්නේය; ඔවුන් දෙදෙන එක මාංසය වන්නෝය.

නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයව, උන්වහන්සේටම සේවය කොට, උන්වහන්සේටම ඇලුම්ව සිට, උන්වහන්සේගේ නාමයෙන් දිවුරන්න.

මක්නිසාද මා නුඹලාට අණකරන මේ මුළු ආඥාව රක්ෂාකරන ලෙස නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹලා ප්‍රේමකොට උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙමින් උන්වහන්සේට ඇලුම්ව සිටින ලෙස නුඹලා ඇත්තටම එය පවත්වනවා නම්,

එහෙත් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඇලුම්ව සිටි නුඹලා සියල්ලෝම අද දවසේ ජීවත්ව සිටිති.

තවද ඔහු සාවුල්ට කථාකොට නිමවූ කල යොනාතාන්ගේ ප්‍රාණය දාවිත්ගේ ප්‍රාණයට බැඳී, යොනාතාන් තමාගේම ප්‍රාණයට මෙන් ඔහුට ආදරේවිය.

දාවිත් යෙස්‍රෙයෙල්හි අහිනොවම්ද පාවාගත්තේය; ඔවුන් දෙදෙනාම ඔහුට භාර්යාවූවෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්