Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



විලාප ගී 4:2

Sinhala Revised Old Version

රනට සමානවූ සියොන්හි උතුම් පුත්‍රයන් කුම්භකාරයාගේ අත්වල වැඩ වන මැටි භාජන මෙන් සලකනු ලබන හැටි!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

12 හුවමාරු යොමු  

ලිපෙන් ගින්දර ගන්ටවත් පොකුණෙන් වතුර ගන්ටවත් කබලක් සම්බ නොවන ලෙස, ඉතුරු නොකර පොඩිකරන කුම්භකාරයෙකුගේ භාජනයක් බිඳින්නාක්මෙන් උන්වහන්සේ ඒක බිඳිනසේක.

ඈ වැදූ සියලුම පුත්‍රයන් අතරෙන් ඈට මගපෙන්වන්ට කෙනෙක් නැත; ඈ ඇතිකළ සියලුම පුත්‍රයන් අතරෙන් ඇගේ අත අල්වාගන්ට කිසිවෙක් නැත.

ස්වාමීන්වහන්සේ මෙසේ කී සේක: නුඹ ගොස් කුම්භකාරයෙකුගේ මැටි කළයක් මිලේටගෙන, සෙනඟගේ වැඩිමහල්ලන්ගෙන්ද පූජකයන්ගේ වැඩිමහල්ලන්ගෙන්ද සමහරුන් කැඳවාගෙන,

සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–නැවත හරිගස්සන්ට බැරිලෙස කුම්භකාරයාගේ භාජනය බිඳදමන්නාක්මෙන්ම මම මේ සෙනඟත් මේ නුවරත් බිඳදමන්නෙමි. වළලන්ට ඉඩක් නැතිවෙන තුරු තෝපෙත්හි මිනී වළලනු ලැබේ.

මේ මිනිහා, කෝනියා, නීචවූ බිඳුණු බඳුනක්ද? ඔහු අප්‍රියවූ භාජනයක්ද? ඔහු සහ ඔහුගේ වංශය අහක්කරනු ලැබ, ඔවුන් නොදන්න දේශයකට හෙළාදමනු ලබන්නේ මක්නිසාද?

බාලයාද මහල්ලාද වීථිවල බිම වැතිර සිටිති; මාගේ කන්‍යාවෝද මාගේ යෞවනයෝද කඩුවෙන් වැටුණෝය. ඔබ ස්වකීය උදහසේ දවසේදී ඔවුන් නැසූසේක; අනුකම්පා නොකොට, මරාදැමූසේක.

අධිපතීහු තමුන්ගේ අත්වලින් එල්ලනු ලැබුවෝය. වැඩිමහල්ලන්ගේ මුහුණුවලට ගෞරව නොලැබුණේය.

ඉශ්‍රායෙල් ගිලිනු ලැබීය. දැන් ඔව්හු ජාතීන් අතරෙහි අප්‍රියවූ භාජනයකට සමානව සිටිති.

මක්නිසාද මම යූදා දුන්නක් කොට තැත්කවා, එප්‍රායිම් ඊගහක් කොට තබාගතිමි; එම්බා සියොන්, මම නුඹේ පුත්‍රයන් ග්‍රීසියේ පුත්‍රයන්ට විරුද්ධව පොලඹවා, නුඹ බලවන්තයෙකුගේ කඩුවක් මෙන් කරන්නෙමි.

නුමුත් ඒ බලයේ ඉතා උතුම්කම අපට නොව දෙවියන්වහන්සේට අයිතිවන පිණිස මේ වස්තුව අපි මැටි භාජනවල දරමුව.

ඉඳින් ලොකු ගෙයක රන් රිදී භාජන පමණක් නොව ලී මැටි භාජනත් ඇත්තේය; සමහරක් ගෞරවය පිණිසය, සමහරක් අගෞරවය පිණිසය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්