රත්රන් අඳුරුවී තිබෙන හැටි! පවිත්‍ර රත්රන් වෙනස්වී තිබෙන හැටි! ශුද්ධස්ථානයේ ගල් සියලු වීථි සන්ධිවල විසුරුවා තිබේ.
අනේ, විශ්වාස නුවර වේශ්‍යාවක් වූ හැටි! ඒක යුක්තියෙන් පිරී තිබුණේය! එහි වාසයකළේ ධර්මිෂ්ඨකමය, නුමුත් දැන් සිටින්නේ මිනීමරන්නෝය.
දීප්තිමත් පහන් තාරකාව, අලුයම් පුත්‍රය, නුඹ ස්වර්ගයෙන් වැටුණු හැටි! ජාතීන් හෙළාදැමුවාවූ නුඹ බිමට සිඳ දමනු ලැබූ හැටි!
ස්වාමීන්වහන්සේගේ ගෘහයද රජගෙයද ගිනිලැවුවේය; යෙරුසලමේ සියලු ගෙවල්ද එනම් හැම ලොකු ගෙවල්ද ගිනි ලැවුවේය.
නැගිට, රාත්‍රී යාමවල මුලදී ඝෝෂා කොට, නුඹේ සිත ස්වාමීන්වහන්සේගේ මුහුණ ඉදිරිපිට වතුර මෙන් වගුරුවන්න. සියලු වීථි සන්ධිවලදී බඩගින්නෙන් ක්ලාන්තවෙන්නාවූ නුඹේ ළමයින්ගේ ප්‍රාණ උදෙසා නුඹේ අත් උන්වහන්සේ දෙසට ඔසවන්න.
ඉශ්‍රායෙල් වංශය මට බොර මෙන් වී සිටිති. ඔවුන් සියල්ලෝ උඳුන මැද තිබෙන පිත්තලව බෙලෙක්ව යකඩව ඊයම්ව සිටිති; ඔව්හු රිදී-බොරය.
එබැවින් මම සමාරිය කෙතේ ගොඩක්ද මිදිවතුද කරන්නෙමි. එහි ගල් මිටියාවතට වගුරුවා, එහි අත්තිවාරම් ප්‍රකාශකරන්නෙමි.
නුමුත් උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මේ සියල්ල නුඹලාට පෙනෙනවා නොවේද? සැබවක් නුඹලාට කියමි–කඩාදමනු නොලැබ ගලක් පිට ගලක් මෙහි ඉතුරු නොවන්නේයයි කීසේක.
යේසුස්වහන්සේ ඔහුට කථාකොට: නුඹ මේ මහත් ගොඩනැගිලි දකින්නෙහිද? ගලක් පිට ගලක් ඉතුරු නොවන ලෙස ඒවා කඩාදමනු ලබන්නේයයි කීසේක.