අබිමෙලෙක් ඒ දවස මුළුල්ලෙහි නුවරට විරුද්ධව සටන්කොට නුවර අල්ලාගෙන එහි සිටි සෙනඟ මරා, නුවර බිඳහෙළා, එහි ලුණු වැපුරුවේය.
යෙරොබොවම් වනාහි එප්‍රායිම් කඳු රටෙහි ෂෙකෙම් ගොඩනගා එහි වාසයකෙළේය; ඔහු එතැනින් ගොස් පෙනුයෙල් ගොඩනැගුවේය.
ඔව්හු නුවරවල් කඩාදමා, රටේ සියලු හොඳ බිම්වලට එකිනෙකා ගලක් බැගින් දමා ඒවා පුරවා, සියලු දිය උල්පත් වසා, සියලු හොඳ ගස් කපාදැමුවෝය. කීර්-හරෙසෙත්හි ඉතුරුකළේ ගල් පමණක්ය; ගල්පටිකාරයෝ ඒක වටලාගෙන ඊට පහර දුන්නෝය.
වැසියන්ගේ දුෂ්ටකම නිසා සාරවූ දේශය ලවණ කාන්තාරයක් කරනසේක.
නුමුත් ඒකේ හැල්පත් සහ පොකුණුද හොඳ නොවී, ලුණු ගන්නා පිණිස හරිනු ලබන්නේය.
එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා ජීවත්ව සිටින බව සැබෑවා සේම මෝවබ් සොදොම මෙනුත් අම්මොන් පුත්‍රයෝ ගොමොරාව මෙනුත් කහඹිලියා බිමක්ද ලුණු වළවල්ද නිරන්තර පාළුවක්ද වන්නෝය. මාගේ සෙනඟගෙන් ඉතිරි අය ඔවුන්ගෙන් කොල්ලකන්නෝය; මාගේ ජාතියෙන් ඉතිරි තැනැත්තෝ ඔවුන්ගේ රට උරුමකරගන්නෝය.
ස්වාමීන්වහන්සේ තමන්ගේ උදහසිනුත් කෝපයෙනුත් විනාශකළාවූ සොදොම් සහ ගොමොරාහිද අද්මා සහ ශෙබොයිම්හිද විනාශය මෙන් ඒ මුළු දේශයෙහි වැපිරීමක්වත් කිසි පලා ජාතියක් වැවීමක්වත් හටගැනීමක්වත් නොවන ලෙස ඒක ගෙන්දගමෙනුත් ලුණුවලිනුත් දාලා තිබෙන බවද දුටු කල්හි:
මක්නිසාද දයාව නොපෙන්වූ තැනැත්තාට විනිශ්චය දයාව නැතුව පැමිණෙන්නේය. දයාව වනාහි විනිශ්චයට විරුද්ධව ජයනාදකරන්නේය.
අබිමෙලක්ද ඔහු සමඟ සිටි කණ්ඩායම්ද ඉදිරියට දුව ගොස් නුවරට ඇතුල්වෙන දොරකඩ සිටියෝය. කණ්ඩායම් දෙකක්ද පිටත සිටි සියල්ලන් ළඟට දුවගොස් ඔවුන්ට පහරදුන්නෝය.