අබිමෙලක්ද ඔහු සමඟ සිටි කණ්ඩායම්ද ඉදිරියට දුව ගොස් නුවරට ඇතුල්වෙන දොරකඩ සිටියෝය. කණ්ඩායම් දෙකක්ද පිටත සිටි සියල්ලන් ළඟට දුවගොස් ඔවුන්ට පහරදුන්නෝය.
නුමුත් නුඹලා එකිනෙකා විකාකන්නහු නම්, නුඹලා එකිනෙකාගෙන් විනාශ නොවන හැටියට බලාගන්න.
කටුඇඹිල්ල ගහද: නුඹලා සැබෑවටම නුඹලා කෙරෙහි රජෙකු කොට මා පත්කර ගන්නවා නම් ඇවිත් මාගේ සෙවෙණෙහි මුවාවී සිටින්න. නැතහොත් කටුඇඹිල්ල ගහෙන් ගින්නක් නික්ම ලෙබනොන්හි කිහිරි ගස් දවා දමාවයි ගස්වලට කීවේය.
එසේ නැත්නම් අබිමෙලෙක්ගෙන් ගිනි නික්ම ෂෙකෙම් වැසියන්ද මිල්ලෝ වංශයද දවාදමාවා; ෂෙකෙම් වැසියන්ගෙන්ද මිල්ලෝ වංශයෙන්ද ගිනි නික්ම අබිමෙලෙක් දවාදමාවයි කීවේය.
ඔහු සෙනඟ කැඳවා කණ්ඩායම් තුනකට බෙදා පිටත සැඟවී සිටියේය; සෙනඟ නුවරින් පිටතට එනවා ඔහු දුටු කල ඔවුන්ට විරුද්ධව නැගිට ඔවුන්ට පහරදුන්නේය.
අබිමෙලෙක් ඒ දවස මුළුල්ලෙහි නුවරට විරුද්ධව සටන්කොට නුවර අල්ලාගෙන එහි සිටි සෙනඟ මරා, නුවර බිඳහෙළා, එහි ලුණු වැපුරුවේය.