Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



විනිශ්චයකාරයෝ 7:7

Sinhala Revised Old Version

ස්වාමීන්වහන්සේද: ලෙවකා බීවාවූ මිනිසුන් තුන්සියය ලවා නුඹලා ගළවා මිදියන්වරුන් නුඹ අතට පාවාදෙන්නෙමි. අනික් සියල්ලෝ තම තමුන්ගේ ස්ථානවලට යෙත්වයි ගිඩියොන්ට කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

තමුන්ගේ අත කටට තබා ලෙවකා බීවාවූ මිනිසුන්ගේ ගණන තුන්සියයක්ය. සෙනඟගෙන් අනික් සියල්ලෝ වතුර බොන පිණිස දණගැසුවෝය.

මෙසේ සෙනඟ කෑමත් තමුන්ගේ හොරණෑත් අතින් ගෙන ගියෝය. ඔහු ඒ මිනිසුන් තුන්සියය නවත්වාගෙන අනික් සියලු ඉශ්‍රායෙල්වරුන් තම තමුන්ගේ කූඩාරම්වලට යන්ට හැරියේය. මිදියන් කඳවුර ඔහුට පහළින් මිටියාවතේ තිබුණේය.

යොනාතාන් තමාගේ ආයුධ ගෙනයන තරුණයාට කථාකොට: එන්න, අපි අර අචර්මඡේදිතයන්ගේ මුර සමුදාව ළඟට යමු. සමහරවිට ස්වාමීන්වහන්සේ අප උදෙසා ක්‍රියාකරනවා ඇත. මක්නිසාද බොහෝ දෙනෙකු කරණකොටගෙන හෝ ස්වල්ප දෙනෙකු කරණකොටගෙන හෝ ගළවන්ට ස්වාමීන්වහන්සේට අවහිරකමක් නැතැයි කීවේය.

එවිට දාවිත් නැවත ස්වාමීන්වහන්සේගෙන් විචාළේය. ස්වාමීන්වහන්සේ ඔහුට උත්තරදෙමින්: නැගිට කෙයිලාට යන්න; මම නුඹ අතට පිලිස්තිවරුන් පාවාදෙන්නෙමියි කීසේක.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්