තමුන්ගේ අත කටට තබා ලෙවකා බීවාවූ මිනිසුන්ගේ ගණන තුන්සියයක්ය. සෙනඟගෙන් අනික් සියල්ලෝ වතුර බොන පිණිස දණගැසුවෝය.
උන්වහන්සේ මාර්ගයෙහිදී දොළින් පානයකරනසේක; එබැවින් හිස ඔසවනසේක.
මනුෂ්‍යයෙකුගේ සියලුම මාර්ග තමාගේම ඇසට පිරිසිදුව පෙනේ; එහෙත් ස්වාමීන්වහන්සේ ආත්ම කිරා බලනසේක.
ඔහු වතුර ළඟට සෙනඟ ගෙනායේය. ස්වාමීන්වහන්සේ ගිඩියොන්ට කථාකොට කියනසේක්: බල්ලා ලෙවකා බොන්නාක් මෙන් තමුන්ගේ දිවෙන් ලෙවකා වතුර බොන හැමදෙනා වෙනමද බොන්නට දණගසන හැමදෙනා වෙනමද සිටවන්නැයි ගිඩියොන්ට කීසේක.
ස්වාමීන්වහන්සේද: ලෙවකා බීවාවූ මිනිසුන් තුන්සියය ලවා නුඹලා ගළවා මිදියන්වරුන් නුඹ අතට පාවාදෙන්නෙමි. අනික් සියල්ලෝ තම තමුන්ගේ ස්ථානවලට යෙත්වයි ගිඩියොන්ට කීසේක.