Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



විනිශ්චයකාරයෝ 6:36

Sinhala Revised Old Version

ගිඩියොන් දෙවියන්වහන්සේට කථාකොට: ඔබවහන්සේ කී ලෙස මා ලවා ඉශ්‍රායෙල් ගළවනසේක් නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

12 හුවමාරු යොමු  

ඔහුද: ස්වාමීවූ දෙවියන්වහන්ස, ඒක මට උරුම වෙන බව කුමකින් දැනගන්නෙම්දැයි කීය.

යෙසායා කථාකොට: ස්වාමීන්වහන්සේ කී දේ කරන බවට ස්වාමීන්වහන්සේගෙන් නුඹට ලැබෙන ලකුණ මේය: එනම් ඡායාව අංශක දසයක් ඉස්සරහට යන්ටද නැතහොත් පස්සට හැරී එන්ටදැයි ඇසීය.

නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතින් ලකුණක් නුඹට ඉල්ලන්න; පහත ගැඹුරෙන් හෝ ඉහළ අහසින් හෝ එය පැමිණෙන ලෙස ඉල්ලන්නැයි කීසේක.

එබැවින් ස්වාමීන්වහන්සේම නුඹලාට ලකුණක් දෙනසේක; බලව, කන්‍යාව ගර්භීණීව පුත්‍රයෙකු වදා, එම්මානුවෙල් යන නම ඔහුට තබන්නීය.

ඵරිසිවරුද සද්දුසිවරුද ඇවිත් උන්වහන්සේ පරීක්ෂාකරමින්, තමුන්ට අහසෙන් ලකුණක් පෙන්වන්ට උන්වහන්සේගෙන් ඉල්ලුවෝය.

ස්වාමීන්වහන්සේ ඔහු දෙස බලා: නුඹේ මේ බලවත්කමින් ගොස් මිදියන්වරුන් අතින් ඉශ්‍රායෙල් ගළවන්න. මා නුඹ යැවුවා නොවේදැයි කීසේක.

ස්වාමීන්වහන්සේද: සැබවින් මම නුඹ සමඟ සිටින්නෙමි, නුඹ එක්කෙනෙකුට මෙන් මිදියන්වරුන්ට පහරදෙන්නෙහියයි ඔහුට කීසේක.

බැලුව මැනව, මම බැටළුලොම් මිටියක් පාවරේ තබන්නෙමි; ලොම් මිටිය පිට පමණක් පිනි ඇතුව මුළු බිම වියළී තිබුණොත් ඔබවහන්සේ කී ලෙස මා ලවා ඉශ්‍රායෙල් ගළවන බව එයින් මම දැනගන්නෙමියි කීවේය.

එහෙත් ඔවුන්–අප ළඟට නැගී එන්නැයි කීවොත්, අපි නැගී යමුව. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් අප අතට පාවා දී තිබේ. ඒක අපට ලකුණ වන්නේයයි කීය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්