Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



විනිශ්චයකාරයෝ 6:35

Sinhala Revised Old Version

ඔහු මනස්සේ මුළුල්ලෙහි පණිවිඩකාරයන් යැවීය; ඔව්හුද ඔහු ළඟට රැස්වූහ. ඔහු ආෂෙර්වරුන්ද සාබුලොන්වරුන්ද නප්තලීවරුන්ද වෙතටත් පණිවිඩකාරයන් ඇරියේය; ඔව්හු ඔවුන් සම්මුඛවන පිණිස ආවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

බාරාක් සාබුලොන්වරුන්ද නප්තලීවරුන්ද කෙදෙෂ්ට අඬගස්වාගත්තේය; මනුෂ්‍යයන් දසදහසක් ඔහු කැටුව ගියෝය. දෙබොරාත් ඔහු සමඟ ගියාය.

ඈ කෙදෙශ්නප්තලීයෙන් අබිනොවම්ගේ පුත්‍රවූ බාරාක් අඬගස්වාගන ඔහුට කථාකොට: නුඹ ගොස් නප්තලී පුත්‍රයන්ගෙනුත් සාබුලොන් පුත්‍රයන්ගෙනුත් මනුෂ්‍යයන් දසදහසක් රැස්කරගෙන තාබෝර් කන්දට යන්න කියාත්,

සාබුලොන් වනාහි මරණය දක්වා තම ජීවිත උපද්‍රව නොසැලකූ සෙනඟක, නප්තලීද යුද්ධ භූමියේ උස්තැන් පිට එසේමය.

ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ නප්තලීයෙන්ද ආෂෙරෙන්ද මුළු මනස්සෙන්ද රැස්ව මිදියන්වරුන් පස්සේ එළවාගන ගියෝය.

එබැවින්: භයද තැතිගැන්මද ඇති කවුරු නුමුත් ගිලියද් කන්දේ සිට හැරීයේවයි සෙනඟට ඇසෙන්ට ප්‍රසිද්ධකරන්නැයි කීසේක. එවිට සෙනඟගෙන් විසිදෙදාහක් හැරීගියෝය; දසදාහක් ඉතිරිව සිටියෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්