(ඉශ්‍රායෙල් පුත්‍රයන් මිශ්පාට ගිය බව බෙන්යමින් පුත්‍රයන්ට සැලවිය.) මේ දුෂ්ටකම සිදුවුණේ කොහොමදැයි කියන්නැයි ඉශ්‍රායෙල් පුත්‍රයෝ කීවෝය.
නුවණ ඇත්තා විපත්තිය දැක සැඟවෙයි; එහෙත් අනුවණයෝ නොනැවතී ගොස් අච්චු ලබති.
නුඹේ විරුද්ධකාරයා සමඟ පාරේ යන කල්හිම ඉක්මනින් ඔහු හා සමඟිවෙන්න; නැත්නම් විරුද්ධකාරයා නුඹ විනිශ්චයකාරයාට භාරදෙන්නේය, විනිශ්චයකාරයා නුඹ සේවකයාට භාරදෙන්නේය, නුඹද හිරගෙයි දමනු ලබන්නෙහිය.
ඒ නුවරවාසීන්ට කඩුමුවහතින් පහරදී එයද එහි ඇති සියල්ලද ගවයන්ද කඩුමුවහතින් සහමුලින් විනාශකරන්න.
ඉශ්‍රායෙල් ගෝත්‍රවල අය බෙන්යමින් ගෝත්‍රයේ සෑම තැන්වලට මනුෂ්‍යයන් යවමින්: නුඹලා අතරේ කළ මේ දුෂ්ටකම මොකද?
එවිට මුළු සෙනඟ වන සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවල ප්‍රධානීහු කඩුව පාවිච්චිකරන පාබළ මනුෂ්‍යයන් හාර ලක්ෂයක්වූ, දෙවියන්වහන්සේගේ සෙනඟවූ සභාව මැද නැගිට සිටියෝය.
එවිට මරනු ලැබූ ස්ත්‍රියගේ ස්වාමිපුරුෂයාවූ ලෙවීයයා උත්තරදෙමින්: මමත් මාගේ උපභාර්යාවත් නවාතැන් ගන්ට බෙන්යමින්වරුන්ට අයිති ගිබියාට පැමිණියෙමුව.