Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



විනිශ්චයකාරයෝ 20:2

Sinhala Revised Old Version

එවිට මුළු සෙනඟ වන සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවල ප්‍රධානීහු කඩුව පාවිච්චිකරන පාබළ මනුෂ්‍යයන් හාර ලක්ෂයක්වූ, දෙවියන්වහන්සේගේ සෙනඟවූ සභාව මැද නැගිට සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

9 හුවමාරු යොමු  

ස්ත්‍රීද: එසේවීනම් ඔබ දෙවියන්වහන්සේගේ සෙනඟට විරුද්ධව එබඳු දෙයක් කල්පනාකළේ මක්නිසාද? පන්නාදමනු ලැබූ තමන්ගේම තැනැත්තා නැවත ගෙන්වා නොගන්න බැවින් රජ්ජුරුවෝ දැන් කී කාරණය නිසා වරදකාරයෙක් මෙන් සිටින්නාහ.

යෝවාබ් ගණන්කොට සෙනඟගේ මුළුගණන රජුට දුන්නේය. කඩුගත් යුද්ධකාර ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් අට ලක්ෂයක්ද යූදා මනුෂ්‍යයන් පන්ලක්ෂයක්ද සිටියෝය.

මෝවබ් රජ සටන තමාට ඉතා සැරව තිබුණු බව දැක ඒදොම් රජු කරා සේනාව මැදින් බිඳගන යන පිණිස කඩු ගත් මනුෂ්‍යයන් සත්සියයක් රැගෙන ආවේය. එහෙත් ඔවුන්ට යන්ට නුපුළුවන්විය.

ඉශ්‍රායෙල් පුත්‍රයන් ඒ බව ඇසූ කල ඔවුන්ට විරුද්ධව යුද්ධයට යන පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ෂීලෝහි රැස්වුණාය.

ගිබියාහි වැසියන්ගෙන් තෝරාගත් මිනිසුන් සත් සියයක් හැර නුවරවලින් රැස්වුණාවූ, කඩුව පාවිච්චිකරන්නන්වූ බෙන්යමින් පුත්‍රයන් විසි හය දහසක් ඒ දවසෙහි ගණන්කරනු ලැබූහ.

බෙන්යමින්වරුන් හැර කඩුව පාවිච්චි කරන ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ සාර ලක්ෂයක් ගණන්කරනු ලැබුවෝය. මේ සියල්ලෝම යුද්ධකාරයෝය.

(ඉශ්‍රායෙල් පුත්‍රයන් මිශ්පාට ගිය බව බෙන්යමින් පුත්‍රයන්ට සැලවිය.) මේ දුෂ්ටකම සිදුවුණේ කොහොමදැයි කියන්නැයි ඉශ්‍රායෙල් පුත්‍රයෝ කීවෝය.

සෙබාද ශල්මුන්නාද ඔවුන් සමඟ පූර්ව දිශාවේ වැසියෝ වූ මුළු සේනාවෙන් ඉතුරුවුණ සියල්ලෝ එනම් පහළොස් දහසක් පමණවූ ඔවුන්ගේ සේනාවද කර්කොර්හි සිටියෝය. මක්නිසාද කඩුගන්න මනුෂ්‍යයන් එකසිය විසිදහසක් නැසුණෝය.

ඔහු බෙශෙක්හිදී ඔවුන් ගණන්කෙළේය; ඉශ්‍රායෙල් පුත්‍රයන් තුන් ලක්ෂයක්ද යූදා මනුෂ්‍යයන් තිස්දාහක්ද සිටියෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්