සෙනඟ එනම් ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ ධෛර්ය වඩා තමුන් පළමුවෙනි දවසේදී පිළිවෙළින් සිටි ස්ථානයෙහි නැවත යුද්ධයට පිළිවෙළින් සිටියෝය.
එවිට දාවිත් පණිවිඩකාරයාට කථාකොට: නුඹ යෝවාබ්ට මෙසේ කියන්න–මේ කාරණය ගැන කනගාටු නොසිතන්න; මක්නිසාද කඩුව එකෙකු නසන්නාක් මෙන් අනිකෙකුද නසන්නේය. නුවරට විරුද්ධව සටන තව බලතරකොට ඒක බිඳහෙලන්න කියා ඔහුට ධෛර්ය දෙන්නැයි කීවේය.
ඔව්හු නපුරු කාරණයෙක්හි තමුන්ම ධෛර්යකරගනිති; මලපත් සඟවා තැබීම ගැන කථාකෙරෙති; ඒවා පෙනෙන්නේ කාටදැයි ඔව්හු කියති.
ගිබියාහි වැසියන්ගෙන් තෝරාගත් මිනිසුන් සත් සියයක් හැර නුවරවලින් රැස්වුණාවූ, කඩුව පාවිච්චිකරන්නන්වූ බෙන්යමින් පුත්‍රයන් විසි හය දහසක් ඒ දවසෙහි ගණන්කරනු ලැබූහ.
බෙන්යමින්වරුන් හැර කඩුව පාවිච්චි කරන ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ සාර ලක්ෂයක් ගණන්කරනු ලැබුවෝය. මේ සියල්ලෝම යුද්ධකාරයෝය.
එවිට බෙන්යමින් පුත්‍රයෝ ගිබියායෙන් පිටත්ව අවුත් ඒ දවසේ ඉශ්‍රායෙල්වරුන්ගෙන් මිනිසුන් විසි දෙදාහක් විනාශකර බිම හෙළුවෝය.
තවද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගොස් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සවස් වනතෙක් හඬා: අපේ සහෝදරයන්වූ බෙන්යමින් පුත්‍රයන්ට විරුද්ධව අප නැවත සටනට යා යුතුදැයි ස්වාමීන්වහන්සේගෙන් ඇසුවෝය. ඔවුන්ට විරුද්ධව යන්නැයි ස්වාමීන්වහන්සේ කීසේක.
දාවිත් තද අමාරුවට පත්විය; මක්නිසාද මුළු සෙනඟගේ සිත් තම තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද ගැන ශෝකවුණ බැවින් ඔහුට ගල්ගසන්ට සෙනඟ කථාකළෝය. නුමුත් දාවිත් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තුළ ශක්තිය උපදවාගත්තේය.