එවිට බෙන්යමින් පුත්‍රයෝ ගිබියායෙන් පිටත්ව අවුත් ඒ දවසේ ඉශ්‍රායෙල්වරුන්ගෙන් මිනිසුන් විසි දෙදාහක් විනාශකර බිම හෙළුවෝය.
බෙන්යමින් ගසාකන වෘකයෙක. ඔහු උදය ගොදුරු කාදමන්නේය, සවස කොල්ලය බෙදාගන්නේයයි කීයේය.
දැනුත් යූදාහිද යෙරුසලමේද දරුවන් දාසයන්ද දාසීන්ද කොට යටත්කරගන්ට නුඹලා අදහස් කරන්නහුය. නුමුත් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව කළ අපරාධ නුඹලා පිටත් නැද්ද?
මහත් සේනාව කරණකොටගෙන ගැළවුණු රජෙක් නැත. බලසම්පන්න මනුෂ්‍යයෙක් තමාගේ මහත් ශක්තියෙන් නොගැළවෙයි.
ඔබගේ මාර්ගය මුහුදේ විය, ඔබගේ මාවත් මහත් ජලධාරාවන්හි විය, ඔබගේ පා සලකුණු ප්‍රකාශ නොවීය.
ස්වකීය සෙනඟ කඩුවට භාරදුන්සේක; ස්වකීය උරුමයට උදහස්වූසේක.
ස්වාමීන්වහන්ස, මා ඔබ සමඟ කාරණා කියන කල ඔබ ධර්මිෂ්ඨය. එහෙත් ඒ ගැන ඔබ සමඟ තර්කකරන්ට කැමැත්තෙමි. දුෂ්ටයන්ගේ මාර්ගය දියුණුවන්නෙත් තද ද්‍රෝහිකම්කරන සියල්ලන් සුවසේ සිටින්නෙත් මක්නිසාද?
අහෝ ඉශ්‍රායෙල්, නුඹ ගිබියාහි දවස්වල පටන් පව්කෙළෙහිය. එහි ඔව්හු නැවතී සිටිති; දුෂ්ටකමේ පුත්‍රයන්ට විරුද්ධව පැමිණෙන යුද්ධයට ඔව්හු ගිබියාහිදී අසුනොවන්නෝද?
නුඹේ සතුරන්ට විරුද්ධව නුඹ කඳවුරට යන කල සියලු නපුරු දේවලින් වැලකී සිටින්න.
ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ බෙන්යමින්ට විරුද්ධව යුද්ධයට ගොස් ගිබියා ළඟ ඔවුන්ට විරුද්ධව සටනට පිළිවෙළින් සිටියෝය.
සෙනඟ එනම් ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ ධෛර්ය වඩා තමුන් පළමුවෙනි දවසේදී පිළිවෙළින් සිටි ස්ථානයෙහි නැවත යුද්ධයට පිළිවෙළින් සිටියෝය.
එවිට බෙන්යමින්වරු දෙවෙනිදා ඔවුන්ට විරුද්ධව ගිබියායෙන් පිටතට ඇවිත් නැවත ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් මිනිසුන් දහඅටදාහක් විනාශකර බිම හෙළුවෝය; මේ සියල්ලෝ කඩුව පාවිච්චිකරන මනුෂ්‍යයෝය.