ගිබියාහි වැසියන්ගෙන් තෝරාගත් මිනිසුන් සත් සියයක් හැර නුවරවලින් රැස්වුණාවූ, කඩුව පාවිච්චිකරන්නන්වූ බෙන්යමින් පුත්‍රයන් විසි හය දහසක් ඒ දවසෙහි ගණන්කරනු ලැබූහ.
බෙන්යමින්ගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ,
බෙන්යමින්ගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියල්ලෝ තිස් පන්දාස් හාරසියයක්ය.
ඔහුගේ සේනාව වන ඔවුන්ගෙන් ගණන්කරනලද්දෝ තිස් පන්දාස් හාරසියයක්ය.
තමුන්ගේ පවුල්වල හැටියට බෙන්යමින්ගේ පුත්‍රයෝ ඔව්හුය. ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය සතළිස් පන්දාස් හසියයක්ය.
තවද බෙන්යමින් පුත්‍රයෝ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකරන්ට යන පිණිස නුවරවලින් පිටත්ව ගිබියාට ඇවිත් රැස්වූවෝය.
සෙනඟ එනම් ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ ධෛර්ය වඩා තමුන් පළමුවෙනි දවසේදී පිළිවෙළින් සිටි ස්ථානයෙහි නැවත යුද්ධයට පිළිවෙළින් සිටියෝය.
එවිට බෙන්යමින්වරු දෙවෙනිදා ඔවුන්ට විරුද්ධව ගිබියායෙන් පිටතට ඇවිත් නැවත ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් මිනිසුන් දහඅටදාහක් විනාශකර බිම හෙළුවෝය; මේ සියල්ලෝ කඩුව පාවිච්චිකරන මනුෂ්‍යයෝය.
ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් ඉදිරියෙහි බෙන්යමින් පරාජයකෙරෙවූසේක. ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඒ දවසේදී බෙන්යමින්වරුන්ගෙන් මිනිසුන් විසිපන්දාස් එකසියයක් විනාශකළෝය. මේ සියල්ලෝ කඩුව පාවිච්චිකරන අයය.