Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



විනිශ්චයකාරයෝ 20:14

Sinhala Revised Old Version

තවද බෙන්යමින් පුත්‍රයෝ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකරන්ට යන පිණිස නුවරවලින් පිටත්ව ගිබියාට ඇවිත් රැස්වූවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

නුමුත් ඔවුන්ට පිටිපසින් එන පිණිස යෙරොබොවම් රහසින් සේනාවක් වටේට යැවීය. මෙසේ ඔව්හු යූදාවරුන්ට ඉස්සරහපිටින්ද රහස් සේනාව ඔවුන්ට පිටිපස්සෙන්ද සිටියෝය.

ඔහු: නුඹ නොඑවයි කීවේය. තවද ඒදොම්වරු මහත් සෙනඟක්ද බලවත් අතක්ද ඇතුව ඔවුන්ට විරුද්ධව ආවෝය.

එහෙත් සීහොන් තමාගේ සීමාව මැදින් යන්ට ඉශ්‍රායෙල්වරුන්ට ඉඩනොදී, තමාගේ සියලු සෙනඟ රැස්කොට, ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව කාන්තාරයට අවුත් යහශ්ට පැමිණ, ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කෙළේය.

ඉතින් අප විසින් ගිබියාහි සිටින දුර්ජන මනුෂ්‍යයන් මරා ඉශ්‍රායෙල්වරුන් අතරෙන් නපුර පහකර දමන පිණිස ඔවුන් අපට පාවාදෙන්නැයි කීවෝය. නුමුත් බෙන්යමින් පුත්‍රයෝ තමුන්ගේ සහෝදරවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ හඬට ඇහුම්කන් දෙන්ට නොකැමතිවූහ.

ගිබියාහි වැසියන්ගෙන් තෝරාගත් මිනිසුන් සත් සියයක් හැර නුවරවලින් රැස්වුණාවූ, කඩුව පාවිච්චිකරන්නන්වූ බෙන්යමින් පුත්‍රයන් විසි හය දහසක් ඒ දවසෙහි ගණන්කරනු ලැබූහ.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්