ඔවුන් යෙබූස්ට ළංවෙන විට දවාල බොහෝසෙයින් ගතවී තිබුණේය; වැඩකාරයාද: අපි ගොස් යෙබූසිවරුන්ගේ මේ නුවරට ඇතුල්වී එහි නවාතැන් ගනිමුයයි තමාගේ ස්වාමියාට කීය.
යෙබූසිවරුද අමෝරිවරුද ගිර්ගාෂිවරුද
රජුද ඔහුගේ මිනිස්සුද රටේ වැසියන්වූ යෙබූසිවරුන්ට විරුද්ධව යෙරුසලමට ගියෝය. ඔව්හුද: දාවිත්ට මෙහි ඇතුල්වෙන්ට බැරියයි කියා දාවිත්ට කථාකොට–නුඹ මෙහි ඇතුල් නොවන්නෙහිය, අන්ධයන් හා කොරුන් නුඹ පහකරදමනවා ඇතැයි කීවෝය.
යෙබූසියයාද අමෝරියයාද ගිර්ගාෂියයාද;
නුමුත් යෙරුසලමේ වාසයකළ යෙබූසිවරුන් පන්නාදමන්ට යූදා පුත්‍රයන්ට නොහැකි විය. අද දවස දක්වා යෙබූසිවරු යූදා පුත්‍රයන් සමඟ යෙරුසලමෙහි වාසයකරති.
බෙන්යමින් පුත්‍රයෝ යෙරුසලමේ විසූ යෙබූසිවරුන් පන්නානොදැමූහ. යෙබූසිවරු අද දවස දක්වා බෙන්යමින් පුත්‍රයන් සමඟ යෙරුසලමෙහි වාසයකරති.
එහෙත් ඒ මනුෂ්‍යයා ඒ රාත්‍රියේ නවතින්ට නොකැමතිව නැගිට ඇඳුම් දැමූ කොටළුවන් දෙදෙනෙකුත් තමාගේ උපභාර්යාවත් රැගෙන ගොස් යෙබූස් (එනම් යෙරුසලම) ඉදිරිපිටට පැමුණුණේය.
ඔහුගේ ස්වාමියාද: ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අයිති නැති අන්‍යයන්ගේ නුවරට අපි නොගොස් ගිබියාට යමුයයි ඔහුට කීවේය.
අපේ කොටළුවන්ට පිදුරුත් ගෝචරත් තිබේ; මට සහ නුඹේ වැඩකාරිටද නුඹේ මෙහෙකරුවන් සමඟ සිටින තරුණයාටද රොටිත් මුද්‍රිකපානයත් තිබේ. කිසි දෙයකින් අඩුවක් නැතැයි ඔහුට කීවේය.