එහෙත් ඒ මනුෂ්‍යයා ඒ රාත්‍රියේ නවතින්ට නොකැමතිව නැගිට ඇඳුම් දැමූ කොටළුවන් දෙදෙනෙකුත් තමාගේ උපභාර්යාවත් රැගෙන ගොස් යෙබූස් (එනම් යෙරුසලම) ඉදිරිපිටට පැමුණුණේය.
රජුද ඔහුගේ මිනිස්සුද රටේ වැසියන්වූ යෙබූසිවරුන්ට විරුද්ධව යෙරුසලමට ගියෝය. ඔව්හුද: දාවිත්ට මෙහි ඇතුල්වෙන්ට බැරියයි කියා දාවිත්ට කථාකොට–නුඹ මෙහි ඇතුල් නොවන්නෙහිය, අන්ධයන් හා කොරුන් නුඹ පහකරදමනවා ඇතැයි කීවෝය.
නුමුත් යෙරුසලමේ වාසයකළ යෙබූසිවරුන් පන්නාදමන්ට යූදා පුත්‍රයන්ට නොහැකි විය. අද දවස දක්වා යෙබූසිවරු යූදා පුත්‍රයන් සමඟ යෙරුසලමෙහි වාසයකරති.
එතනින් සීමාව යෙබූසිවරුන් වාසය කළ යෙරුසලමට දකුණු පැත්තෙන් හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවත මැදින් නැගී ගොස්, හින්නොම්ගේ මිටියාවත ඉදිරිපිට බස්නාහිරෙන්ද රෙඵාවරුන්ගේ මිටියාවතේ කෙළවරට උතුරෙන්ද තිබෙන කන්ද මුදුනට ගියේය.
ශේලාද එලෙප්ද යෙරුසලම වන යෙබූසියද ගිබෙයත්ද කිරියත්ද යන නුවරවල් දසසතර සහ ඒවායේ ගම්ය. බෙන්යමින් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට ඔවුන්ගේ උරුමය මේය.
යූදා පුත්‍රයෝ යෙරුසලමට විරුද්ධව යුද්ධකොට, ඒක අල්ලාගෙන, ඊට කඩුමුවහතින් පහරදී, නුවර ගිනිලෑවෝය.
ඒ මනුෂ්‍යයා සහ ඔහුගේ උප භාර්යාවද වැඩකාරයාද යන්ට නැගුටුණු විට ඔහුගේ මාමා වන යෞවනියගේ පියා ඔහුට කථාකොට: දැන් සවස්වේගන එයි, අනේ මුළු රාත්‍රියේ සිටින්න. ඉර බහින්ට ළඟය, රාත්‍රියේ මෙහි සිට නුඹේ සිත සන්තෝෂකරගන හෙට නුඹලාගේ ගමනට වේලාසනින් නැගිට ගෙදර යන්ට පිටත්වෙන්නැයි කීවේය.