Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



විනිශ්චයකාරයෝ 12:3

Sinhala Revised Old Version

නුඹලා මා ගැළෙවුවේ නැති බව මම දුටුවිට මාගේ ජීවිතය නොසලකා අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව එගොඩට ගියෙමි, ස්වාමීන්වහන්සේද ඔවුන් මා අතට පාවාදුන්සේක. ඉතින් නුඹලා මට විරුද්ධව සටන්කරන්ට අද දවසේ මා ළඟට ආවේ මක්නිසාදැයි ඔවුන්ට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

11 හුවමාරු යොමු  

මෙන්න, දෙවියන්වහන්සේ අප කෙරෙහි ප්‍රධානව අප සමඟ සිටිනසේක, නුඹලාට විරුද්ධව පිඹින පිණිස හොරණෑ ගත් උන්වහන්සේගේ පූජකයෝද සිටිති. ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව සටන් නොකරන්න; මක්නිසාද නුඹලා සඵල නොවන්නහුයයි කීවේය.

මා විසින් මාගේ මාංසය මාගේ දත්වලින් ඩැහැගන යන්නෙත් මාගේ ප්‍රාණය මාගේ අතේ තබාගන ඉන්නෙත් මක්නිසාද?

මාගේ ප්‍රාණය නිතරම මාගේ අතෙහිය; එහෙත් ඔබගේ ව්‍යවස්ථාව සිහි නැති නොකරමි.

මා පමණක් නොව අන්‍යජාතීන්ගේ සියලු සභාවෝද ඔවුන්ට ස්තුතිකරති.

ඔව්හු බැටළුපැටවාණන්ගේ ලේ නිසාද තමුන්ගේ සාක්ෂියේ වචනය නිසාද ඔහුගෙන් ජයගත්තෝය; ඔව්හු මරණය විඳින තරමට පවා තමුන්ගේ ජීවිතයට ප්‍රේම නොකර සිටියෝය.

එබැවින් මම නුඹලාට විරුද්ධව වරදක් නොකෙළෙමි, නුමුත් මට විරුද්ධව යුද්ධකිරීමෙන් නුඹ මට අයුත්තක් කරන්නෙහිය. විනිශ්චයකාරවූ ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් හා අම්මොන් පුත්‍රයන් අතරේ අද විනිශ්චයකරනසේක්වයි කීවේය.

යෙප්තා ඔවුන්ට කථාකොට: මමත් මාගේ සෙනඟත් අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව මහත් පොරයක යෙදී සිටියෙමුව; මා නුඹලාට අඬගැසූ නුමුත් ඔවුන්ගේ අතින් නුඹලා මා ගැළෙවුවේ නැත.

එවිට යෙප්තා ගිලියද්හි සියලු මනුෂ්‍යයන් රැස්කරවාගන එප්‍රායිම්ට විරුද්ධව යුද්ධකෙළේය. නුඹලා එප්‍රායිම්වරුන්ගෙන් පලාගිය අයවල්ය, ගිලියද්වරු එප්‍රායිම්වරුන්ද මනස්සේවරුන්ද අතරේ සිටියෝයයි එප්‍රායිම්වරුන් කී බැවින් ගිලියද් මනුෂ්‍යයෝ ඔවුන්ට පහරදුන්නෝය.

මක්නිසාද මාගේ පියා තමාගේ ජීවිතය නොසලකා නුඹලා උදෙසා යුද්ධකර මිදියන්වරුන්ගේ අත්වලින් නුඹලා ගැළෙවුවේය.

කුමක් හෙයින්ද ඔහු තමාගේ ප්‍රාණය නොසලකා ගොස් පිලිස්තියයා මැරුවේය, එයින් ස්වාමීන්වහන්සේ සියලු ඉශ්‍රායෙල්වරුන්ට මහත් ගැළවීමක් ඉෂ්ටකර දුන්සේක. ඔබ ඒ දැක ප්‍රීතිවූයෙහිය. එබැවින් නිෂ්කාරණයේ දාවිත් මරා නිදොස් ලේ වැගිරීමෙන් ඔබ පව්කරන්ට හදන්නේ මක්නිසාදැයි කීවේය.

ඒ ස්ත්‍රී සාවුල් ළඟට ඇවිත්, ඔහු ඉතා කැළඹී සිටි බව දැක ඔහුට කථාකොට: ඔබගේ දාසීවූ මම ඔබගේ හඬට කීකරුව මාගේ ජීවිතය නොසලකා ඔබ මට කී වචන ඇසීමි.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්