Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



විනිශ්චයකාරයෝ 12:2

Sinhala Revised Old Version

යෙප්තා ඔවුන්ට කථාකොට: මමත් මාගේ සෙනඟත් අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව මහත් පොරයක යෙදී සිටියෙමුව; මා නුඹලාට අඬගැසූ නුමුත් ඔවුන්ගේ අතින් නුඹලා මා ගැළෙවුවේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

3 හුවමාරු යොමු  

එප්‍රායිම් මනුෂ්‍යයෝ රැස්වී උතුරු දිශාවට ගොස් යෙප්තාට කථාකොට: නුඹ සමඟ යන්ට අපට අඬනොගසා නුඹ අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකරන්ට එගොඩට ගියේ මක්නිසාද? අපි නුඹේ ගෙය නුඹත් ඇතුළුව ගින්නෙන් පුලුස්සාදමමුයයි කීවෝය.

නුඹලා මා ගැළෙවුවේ නැති බව මම දුටුවිට මාගේ ජීවිතය නොසලකා අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව එගොඩට ගියෙමි, ස්වාමීන්වහන්සේද ඔවුන් මා අතට පාවාදුන්සේක. ඉතින් නුඹලා මට විරුද්ධව සටන්කරන්ට අද දවසේ මා ළඟට ආවේ මක්නිසාදැයි ඔවුන්ට කීවේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්