අම්මොන් පුත්‍රයන් ඉශ්‍රායෙල්ට විරුද්ධව යුද්ධකරන විට ගිලියද් වැඩිමහල්ලෝ ටෝබ් දේශයෙන් යෙප්තා කැඳවාගන එන්ට ගොස් ඔහුට කථාකොට:
තවද අම්මොන් පුත්‍රයෝ දාවිත් ඉදිරියෙහි තමුන් පිළිකුල්වූ බව දැක පණිවිඩකාරයන් යවා බෙත්-රෙහෝබ්හි සිරියවරුන්ගෙනුත් ශෝබාහි සිරියවරුන්ගෙනුත් පාබළ සෙනඟ විසි දහසක්ද මිනිසුන් දහසක් සමඟ මයකාහි රජුද ටෝබ්හි මිනිසුන් දොළොස් දහසක්ද කුලියට ගත්තෝය.
අම්මොන් පුත්‍රයෝ පිටතට ඇවිත් දොරටුව ළඟ යුද්ධයට පිළිවෙළින් සිටියෝය; ශෝබාහිද රෙහෝබ්හිද ටෝබ්හිද මයකාහිද මනුෂ්‍යයොත් භූමියෙහි වෙනම සිටියෝය.
තවද අම්මොන් පුත්‍රයෝ යූදාටත් බෙන්යමින්ටත් එප්‍රායිම් වංශයටත් විරුද්ධව යුද්ධකරන පිණිස යොර්දානෙන් මෙගොඩට ආවෝය; මෙසේ ඉශ්‍රායෙල් තද අමාරුවට පැමිණියේය.
කලකට පසු අම්මොන් පුත්‍රයෝ ඉශ්‍රායෙල්ට විරුද්ධව යුද්ධකළෝය.
අප අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකරන පිණිස අපේ අධිපතියා වෙන්ට එන්නැයි කීවෝය.
නුමුත් සමහර දුර්ජනයෝ කථාකොට: මේ මනුෂ්‍යයා අප ගළවන්නේ කොහොමදැයි කියා ඔහු සුළුකොට සිතා ඔහුට කිසි තෑග්ගක් නොගෙනාවෝය. නුමුත් ඔහු නිශ්ශබ්දව සිටියේය.
සෙනඟ සාමුවෙල්ට කථාකොට: සාවුල් අප කෙරෙහි රජකම්කරන්ටදැයි කීවේ කවුද? ඒ මනුෂ්‍යයන් මරණ පිණිස ඔවුන් ගෙනෙන්නැයි කීවෝය.