ඔව්හු දවන පූජාව කොට්ඨාස වශයෙන් හිසත් ඇතුළුව ඔහුට රැගෙන දුන්නෝය. ඔහු ඒවා පූජාසනය පිට දැවුවේය.
ඌ වෙන් නොකොට අත්හැඳි ළඟින් ඉරා පූජකයා පූජාසනය පිට ගින්නෙහි තිබෙන දර පිට ඌ දැවිය යුතුය. ඒක ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ මිහිරි සුවඳක් ඇති දවන පූජාවක්ය.
ආරොන්ගේ පුත්‍රයන්වූ පූජකයන් හිසද තෙලද යන කොට්ඨාස පූජාසනය මතුයෙහි ගින්න පිට තිබෙන දර උඩ පිළිවෙළින් තැබිය යුතුය.
තවද ඔහු දවන පූජාවේ සතා මැරුවේය; ආරොන්ගේ පුත්‍රයෝද ඔහුට ලේ අරන් දුන්නෝය, ඔහු ඒවා පූජාසනය පිට වටේට ඉස්සේය.
ඔහු අතුණුද කකුල්ද සෝදා පූජාසන මතුයෙහි දවන පූජාව පිට දැවුවේය.