Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ලෙවී කථාව 9:12

Sinhala Revised Old Version

තවද ඔහු දවන පූජාවේ සතා මැරුවේය; ආරොන්ගේ පුත්‍රයෝද ඔහුට ලේ අරන් දුන්නෝය, ඔහු ඒවා පූජාසනය පිට වටේට ඉස්සේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

9 හුවමාරු යොමු  

ආරොන් මෝසෙස්ට කථාකොට: ඔව්හු මේ දවසෙහි තමුන්ගේ පාප පූජාව සහ දවන පූජාව ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පූජාකළෝය; නුමුත් මෙයාකාර දේ මට සිද්ධවී තිබේ. ඉදින් මම පාප පූජාව අද කෑවෙම් නම් ඒක ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව පෙනේදැයි කීවේය.

මාංසයද හමද ඔහු කඳවුරෙන් පිටදී ගින්නෙන් පුලුස්සා දැමුවේය.

ඔව්හු දවන පූජාව කොට්ඨාස වශයෙන් හිසත් ඇතුළුව ඔහුට රැගෙන දුන්නෝය. ඔහු ඒවා පූජාසනය පිට දැවුවේය.

ඔහු දවන පූජාවද ගෙනැවිත් නියමය ලෙස එය ඔප්පුකෙළේය.

ආරොන්ගේ පුත්‍රයෝද ලේ ඔහු ළඟට ගෙනාවෝය. ඔහු තමාගේ ඇඟිල්ල ලෙයෙහි ගල්වා පූජාසනයේ අංවල ගා පූජාසනය මුල ලේ වත්කෙළේය.

ක්‍රිස්තුස්වහන්සේ නුඹලාට ප්‍රේමකොට, මිහිරි සුවඳක් පිණිස දෙවියන්වහන්සේට පූජාවක්ද යාගයක්ද කොට අප වෙනුවට තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් ප්‍රේමයෙන් හැසිරින්න.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්