Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ලෙවී කථාව 25:30

Sinhala Revised Old Version

සම්පූර්ණ අවුරුද්දක් ඇතුළතදී එය මුදනු නොලැබුවොත් පවුරු ඇති නුවර තිබෙන ගේ මිලේට ගත් තැනැත්තාට එය ඔහුගේ පරම්පරාවල නිරන්තර උරුමයක් වන්නේය. එය ජුබිලි වර්ෂයෙහිදී ආපසු නොයන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

3 හුවමාරු යොමු  

එහෙත් එය නැවත ලබාගන්ට ඔහුට නොහැකිවී නම් විකුණනලද ඉඩම මිලේටගත් තැනැත්තාගේ අතේ ජුබිලි වර්ෂය දක්වා තිබේවා. ජුබිලි වර්ෂයෙහි ඒක මිදෙන්නේය, ඔහුද තමාගේ උරුමයට නැවත පැමිණෙන්නේය.

මනුෂ්‍යයෙක් පවුරු ඇති නුවරක තිබෙන ගෙයක් වික්කොත් එය වික්ක තැන් පටන් සම්පූර්ණ අවුරුද්දක් ඇතුළතදී ඒක මුදාගත හැකි වන්නේය; අවුරුද්දක් තුළේම එය මුදාගන්ට ඔහුට බලය තිබේ.

එහෙත් වටකරින් පවුරු නැති ගම්වල ගෙවල් දේශයේ කෙත් සමඟ ගණන්ගනු ලබන්නේය. ඒවා මුදාගත හැකිවන්නේය, ජුබිලි වර්ෂයෙහිදී ඒවා ආපසු යන්නෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්