මනුෂ්‍යයෙක් පවුරු ඇති නුවරක තිබෙන ගෙයක් වික්කොත් එය වික්ක තැන් පටන් සම්පූර්ණ අවුරුද්දක් ඇතුළතදී ඒක මුදාගත හැකි වන්නේය; අවුරුද්දක් තුළේම එය මුදාගන්ට ඔහුට බලය තිබේ.
තරුණී ටික දවසක්, දස දවසක්වත්, අප සමඟ සිටීවා; ඉන්පසු යන්ට පුළුවනැයි කීවෝය.
එහෙත් එය නැවත ලබාගන්ට ඔහුට නොහැකිවී නම් විකුණනලද ඉඩම මිලේටගත් තැනැත්තාගේ අතේ ජුබිලි වර්ෂය දක්වා තිබේවා. ජුබිලි වර්ෂයෙහි ඒක මිදෙන්නේය, ඔහුද තමාගේ උරුමයට නැවත පැමිණෙන්නේය.
සම්පූර්ණ අවුරුද්දක් ඇතුළතදී එය මුදනු නොලැබුවොත් පවුරු ඇති නුවර තිබෙන ගේ මිලේට ගත් තැනැත්තාට එය ඔහුගේ පරම්පරාවල නිරන්තර උරුමයක් වන්නේය. එය ජුබිලි වර්ෂයෙහිදී ආපසු නොයන්නේය.
මනුෂ්‍යයෙක් තමාගේ ගෙය ස්වාමීන්වහන්සේට ශුද්ධකොට කැපකරන කල පූජකයා ඒකේ හොඳ නරක හැටියට ගණන නියමකෙරේවා. පූජකයා නියමකරන ගණනේ හැටියටම එය ස්ථිරවේවා.