ප්‍රමේහය ඇති අය අත ගසන මැටි භාජනය බිඳදැමිය යුතුය. සියලු ලී භාජනද වතුරෙන් සේදිය යුතුය.
නුඹ ඔවුන් යදණ්ඩකින් බිඳ, කුඹලෙකුගේ භාජනයක් මෙන් ඔවුන් සුණුකරන්නෙහියයි කීසේක.
මනුෂ්‍යයන් රැස්වෙන මංසන්ධිවල ඈ කෑගසයි; නුවරට ඇතුල්වෙන දොරටු ළඟ සිට ඇගේ බස් පවසයි.
මාගේ අවවාදයට හැරෙන්න. මෙන්න, මාගේ ආත්මය නුඹලා කෙරෙහි වගුරුවන්නෙමි, මාගේ වචන නුඹලාට දන්වන්නෙමි.
මාගේ පුත්‍රය, ඒවා නුඹේ ඇස්වලින් පහ නොවේවා; සාරවූ ඥානයද සිහියද තබාගන්න;
ප්‍රමේහය ඇති අය තමාගේ අත් වතුරෙන් සෝදා නොගෙන අතගසන කවුරු නුමුත් තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, ඔහු සවස දක්වාද අපවිත්‍රව සිටින්නේය.
ඒවා තෙල් ඇතුව ඇතිලියක පිළියෙළකරනු ලැබිය යුතුය; ඒවා පෙඟුණු කල ඇතුළට ගෙනැවිත් පිලිස්සු ආහාර පූජාවක් කොට කැබලි වශයෙන් ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් පිණිස ඔප්පුකරන්න.
එහෙත් ඒක තැම්බූ මැටි භාජනය බිඳ දැමිය යුතුය. එය පිත්තල භාජනයක තම්බන ලද්දේ වීනම් භාජනය මැදලා වතුරෙන් සේදිය යුතුය.
කූඩාරමක්වූ අපේ භූමික ගෙය කඩාවැටුණත් දෙවියන්වහන්සේගෙන්වූ ගොඩනැගිල්ලක් වන අතින් නොසෑදුවාවූ සදාකාලිකවූ ගෘහයක් ස්වර්ගවල අපට ඇති බව දනිමුව.
සියලු දේ පවා තමන්ට යටත්කරන්ට පුළුවන්වූ බලය ලෙස, උන්වහන්සේ අපේ පහත්කමේ ශරීර තමන්වහන්සේගේ තේජසේ ශරීරයට සමානවන පිණිස ඒවා වෙනස්කරනවා ඇත.