Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ලෙවී කථාව 15:11

Sinhala Revised Old Version

ප්‍රමේහය ඇති අය තමාගේ අත් වතුරෙන් සෝදා නොගෙන අතගසන කවුරු නුමුත් තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, ඔහු සවස දක්වාද අපවිත්‍රව සිටින්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

5 හුවමාරු යොමු  

නුඹලා මුන්ගෙන් අපවිත්‍රවන්නහුය. උන්ගේ මළකුණු ස්පර්ශකරන කවරෙක් නුමුත් සවස දක්වා අපවිත්‍රව සිටී.

ඔහුගේ ඇඟට යටව තිබුණු කිසි දෙයක ස්පර්ශවන කවුරු නුමුත් සවස දක්වා අපවිත්‍රව සිටින්නේය. ඒවා ගෙනයන්නාද තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය.

ප්‍රමේහය ඇති අය අත ගසන මැටි භාජනය බිඳදැමිය යුතුය. සියලු ලී භාජනද වතුරෙන් සේදිය යුතුය.

අපවිත්‍ර අය ස්පර්ශවන සියල්ල අපවිත්‍රවන්නේය; එහි ස්පර්ශවන තැනැත්තේද සවස් වනතෙක් අපවිත්‍රවන්නේයයි කීසේක.

සවස්වන කල වතුර නාගන ඉර බැස්ස විට කඳවුරට ඇතුල්වේවා.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්