නොහොත් ශරීරයේ හමෙහි ගින්නෙන් දැවීමක් වූ කල දෑවාවූ තුවාලයේ මාංසය රතට හුරුව සුදු පල්ලක් වන්නේ නම්,
එවිට සුගන්ධ ද්‍රව්‍ය වෙනුවට කුණුද බඳපටිය වෙනුවට ලනුවක්ද හොඳට ගෙතූ වරලස වෙනුවට මුඩුකමද චෝලිය ලිය වෙනුවට ගෝණි බැඳගැනීමද හොබනාකම වෙනුවට හන්වඩුද ඇතිවන්නේය.
පූජකයා ඔහු බලාවා, එවිට හමෙහි සුදු බිබිලක් තිබී එයින් මයිල් සුදුවී බිබිලෙහි අමු මාංස පෙනේනම්, ඒක ඔහුගේ ශරීරයේ හමෙහි කල්ගිය කුෂ්ඨ රෝගයක්ය,
ගඩගෙඩිය තිබුණු තැන සුදු බිබිලක්වත් රතට හුරු සුදු පල්ලක්වත් හටගත්තොත් එය පූජකයාට පෙන්විය යුතුය;
එහෙත් පල්ල පැතිර නොගොස් තිබුණු තැනම නැවතුණොත් ඒක ගඩගෙඩියේ කැලලය; පූජකයා ඔහු පවිත්‍රයයි කියාවා.
පූජකයා ඒක බලාවා. එවිට පැල්ලමේ මයිල් සුදුවී ඒක හමට වඩා පහත් බව පෙනේ නම් ඒක කුෂ්ඨරෝගයය, ඒක දෑවාවූ තුවාලයෙන් හටගත්තේය. ඔහු අපවිත්‍රයයි පූජකයා කියයුතුය.