එහෙත් පල්ල පැතිර නොගොස් තිබුණු තැනම නැවතුණොත් ඒක ගඩගෙඩියේ කැලලය; පූජකයා ඔහු පවිත්‍රයයි කියාවා.
යූදා ඒවා හැඳින: ඈ මට වඩා ධර්මිෂ්ඨය; කුමක් හෙයින්ද මාගේ පුත්‍රවූ ෂේලාට ඈ නුදුන්නෙමියි කීවේය. ඔහු තවත් ඈ නොහැඳින්නේය.
එවිට දාවිත්: මම ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කෙළෙමියි නාතාන්ට කීය. නාතාන්ද: ස්වාමීන්වහන්සේ නුඹේ පාපය පහකළසේක, නුඹ නොනස්නෙහිය.
තමාගේ වරද සඟවන්නා සඵල නොවන්නේය; එහෙත් ඒවා කියාදී අත්හරින්නාට කරුණාව ලැබේ.
ඉදින් ඒක හමේ පැතුරුණොත් ඔහු අපවිත්‍රයයි පූජකයා කිය යුතුය. ඒක කුෂ්ඨ ලකුණක්ය.
නොහොත් ශරීරයේ හමෙහි ගින්නෙන් දැවීමක් වූ කල දෑවාවූ තුවාලයේ මාංසය රතට හුරුව සුදු පල්ලක් වන්නේ නම්,
ඒක කුෂ්ඨරෝගයය. එහෙත් පූජකයා බැලූ කල පැල්ලමේ සුදු මයිල් නැතුව හමට වඩා පහත්නොවී මැලවී තිබුණොත් පූජකයා ඔහු සත් දවසක් වෙන්කර සිටුවිය යුතුය.
කුකුළා හඬලන්ට පළමුවෙන් නුඹ මා අඳුනන්නේ නැත කියා තුන්වරක් කියනවා ඇතැයි යේසුස්වහන්සේ කී වචනය පේතෘස් සිහිකොට, පිටතට ගොස් බලවත් දුකින් හැඬුවේය.
අනික් අතට එබඳු තැනැත්තා යම් විධියකින් ඔහුගේ අධික ශෝකයෙහි ගිලී නැති නොවන පිණිස ඔහුට කමාවෙන්ටද ඔහු සනසන්ටද ඊට වඩා නුඹලාට යුතුය.
සහෝදරයෙනි, මනුෂ්‍යයෙක් යම් වරදකට අසුවුණත්, ආත්මිකවූ නුඹලා මෘදුකමේ ආත්මයෙන් යුක්තව එබඳු කෙනෙකු හරවාගන්න. නුඹත් පරීක්ෂාවට නොපැමිණෙන පිණිස බලාගන්න.