ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකර මෙසේ කියන්න–ස්ත්‍රියෙක් ගර්භිණීව පිරිමි ළමයෙකු වැදුවොත් ඈ සත් දවසක් අපවිත්‍රව සිටින්නීය; ඈ ඔසප්වී වෙන්ව සිටින දවස් ලෙස ඈ අපවිත්‍රව සිටින්නීය.
දෙවියන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකළසේක; දෙවියන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත් කර ගන්න; මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්නැයි කීසේක.
උන්වහන්සේ ස්ත්‍රියට කථාකොට: නුඹේ ශෝකය හා ගැබ්ගැනීම බොහෝසෙයින් වැඩිකරන්නෙමි; නුඹ වේදනා සහිතව දරුවන් වදන්නීය; නුඹේ ආශාව නුඹේ පුරුෂයා කෙරෙහි වන්නේය; ඔහු නුඹ කෙරෙහි බලපවත්වන්නේයයි කීසේක.
දාවිත් පණිවිඩකාරයන් යවා ඈ ගෙන්වාගත්තේය; ඈ ඔහු ළඟට ආවාය, ඔහු ඈ සමඟ සයනය කෙළේය. (ඈ තමාගේ අපවිත්‍රකමින් පිරිසිදුවී සිටියාය.) ඈ තමාගේ ගෙදරට හැරී ගියාය.
අපවිත්‍ර දෙයකින් පවිත්‍ර දෙයක් උපදවන්ට කාට පුළුවන්ද? කාටවත් බැරිය.
මනුෂ්‍යයා පිරිසිදුව පෙනෙන්ටත් ස්ත්‍රියගෙන් උපන් තැනැත්තා ධර්මිෂ්ඨව පෙනෙන්ටත් ඔහු කවරෙක්ද?
එසේනම් මනුෂ්‍යයා දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨවන්නේ කොහොමද? නොහොත් ස්ත්‍රියෙකුගෙන් උපන් තැනැත්තා පවිත්‍රවන්නේ කොහොමද?
බැලුව මැනව, මම අයුතුකම සහිතව සාදනු ලැබීමි; මාගේ මෑණියෝ පාප සහිතව මා ගැබ්ගත්තාය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
එහෙත් ඈ ගෑනු ළමයෙකු වැදුවොත් ඇගේ වෙන්ව සිටීම ලෙස ඈ දෙසතියක් අපවිත්‍රව සිටින්නීය; ඇගේ ලෙයින් පවිත්‍රවීම පිණිස ඈ හැටහදවසක් සිටිය යුතුය.
යම් ස්ත්‍රියෙකුට ප්‍රමේහයක් ඇතිවී ඇගේ ශරීරයේ ප්‍රමේහය ලේවීනම් ඈ සත් දවසක් ඇගේ කිලුටුකමෙහි වන්නීය. ඈ ස්පර්ශවන කවරෙක් නුමුත් සවස දක්වා අපවිත්‍රව සිටින්නේය.
ස්ත්‍රියෙක් මාසේ මාරුවී අපවිත්‍රව සිටින තුරු ඇගේ නග්නභාවය හැරීමට ඈ කරා නොපැමිණෙන්න.
නොහොත් ඔහු මනුෂ්‍යයාගේ අපවිත්‍රකමක එනම් මනුෂ්‍යයෙකු අපවිත්‍රවෙන කවර අපවිත්‍රකමකවත් ස්පර්ශවුණොත්, ඔහු එය නොදැන සිටිය නුමුත් දැනගත්කල වරදකාරයෙක් වන්නේය.
මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ප්‍රකාරයට ඔවුන්ගේ පවිත්‍රවීමේ දවස් සම්පූර්ණවූ කල: කුලුඳුල්වූ සියලු පිරිමි ස්වාමීන්වහන්සේට කැපයයි කියනු ලබන්නෝයයි