ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
මෘගයන්ද පක්ෂීන්ද ජලයෙහි හැසිරෙන පණ ඇති සතුන්ද බිම බඩගායන සියලු සතුන්ද ගැන ව්‍යවස්ථාව මේයයි කීසේක.
ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකර මෙසේ කියන්න–ස්ත්‍රියෙක් ගර්භිණීව පිරිමි ළමයෙකු වැදුවොත් ඈ සත් දවසක් අපවිත්‍රව සිටින්නීය; ඈ ඔසප්වී වෙන්ව සිටින දවස් ලෙස ඈ අපවිත්‍රව සිටින්නීය.
නොහොත් ඔහු මනුෂ්‍යයාගේ අපවිත්‍රකමක එනම් මනුෂ්‍යයෙකු අපවිත්‍රවෙන කවර අපවිත්‍රකමකවත් ස්පර්ශවුණොත්, ඔහු එය නොදැන සිටිය නුමුත් දැනගත්කල වරදකාරයෙක් වන්නේය.
මනුෂ්‍යයෙකුගේ අපවිත්‍රකමක් වේවා අපවිත්‍ර මෘගයෙක් වේවා අපවිත්‍ර පිළිකුල්කමක් වේවා කිසියම් අපවිත්‍රකමක ස්පර්ශවී ස්වාමීන්වහන්සේට අයිති ශාන්ති පූජාවල මාංසය කන තැනැත්තේ තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේයයි කීසේක.
මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ප්‍රකාරයට ඔවුන්ගේ පවිත්‍රවීමේ දවස් සම්පූර්ණවූ කල: කුලුඳුල්වූ සියලු පිරිමි ස්වාමීන්වහන්සේට කැපයයි කියනු ලබන්නෝයයි