Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යොෂුවා 4:18

Sinhala Revised Old Version

තවද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනගිය පූජකයන් යොර්දාන මැදින් ගොඩට අවුත් තමුන්ගේ පාද වියලි භූමිය පිට තැබූ කල, යොර්දානේ ජලය ස්වකීය ස්ථානයට හැරී ඇවිත්, පළමු ලෙස එහි සියලු ඉවුරු ඉක්මවා උතුරා ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

8 හුවමාරු යොමු  

මොව්හු පළමුවෙනි මාසයේ, යොර්දානේ වතුර එහි සියලු ඉවුරු උඩින් ගලා තිබියදී, එගොඩවී නැගෙනහිරත් බස්නාහිරත් මිටියාවත්වල වාසයකළ සියල්ලන් එළවාදැම්මෝය.

යූදාට වැද ගලා යටකරගන, බෙල්ල දක්වාම නගිනවා ඇත. එම්බා එම්මානුවෙල්, ඔහුගේ පියාපත් විහිදීමෙන් නුඹේ දේශය මුළුල්ලම පිරෙනවා ඇතැයි කීසේක.

මුළු පොළොවට ස්වාමිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන පූජකයන්ගේ පතුල් යොර්දාන් ජලයේ තබන විට යොර්දාන් ජලය එනම් ඉහළින් එන ජලය නැවතී එක ගොඩක් වී හිටිනවා ඇතැයි කීවේය.

පෙට්ටිය ගෙනයන්නන් යොර්දානට පැමිණි විටද පෙට්ටිය ගෙනයන පූජකයන්ගේ පාද ජලයේ අද්දර ගැලුණු විටද (ගොයම් කපන කාලය මුළුල්ලෙහි යොර්දානේ ජලය එහි සියලු ඉවුරු ඉක්මවා උතුරායයි)

මුළු සෙනඟ මෙතරවී නිමවූ කල ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය හා පූජකයෝ සෙනඟ ඉදිරියෙහි මෙතර වූවෝය.

එබැවින් යෝෂුවා: යොර්දානෙන් ගොඩට නැගී එන්නැයි පූජකයන්ට අණකෙළේය.

මෙසේ සෙනඟ පළමුවෙනි මස දසවෙනිදා යොර්දානෙන් නැගී අවුත් යෙරිකෝවට නැගෙනහිර දිශාවෙන් ගිල්ගාල්හි කඳවුරු බැඳ ගත්තෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්