එබැවින් යෝෂුවා: යොර්දානෙන් ගොඩට නැගී එන්නැයි පූජකයන්ට අණකෙළේය.
එවිට නෙබුකද්නෙශර් ඇවිළෙන ගිනි උදුනේ දොරකඩට ළංවී: මහෝත්තම දෙවියන්වහන්සේගේ මෙහෙකරුවන් වන ෂද්‍රක්, මේෂක්, අබේද්-නෙගෝ, පිටතට එන්නැයි කීවේය. එවිට ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද ගින්න මැද සිට පිටතට ආවෝය.
ඔව්හු ඔවුන්ට බොහෝ පහර දුන්නායින් පසු හිරගෙයි දමා, ඔවුන් ප්‍රවේසමෙන් රැකවල්කරන්ට හිරගෙයි මුලාදෑනියාට අණකළෝය.
සාක්ෂි පෙට්ටිය ගෙනයන පූජකයන්ට යොර්දානෙන් ගොඩට නැගීඑන්ට අණකරන්නැයි කීසේක.
තවද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනගිය පූජකයන් යොර්දාන මැදින් ගොඩට අවුත් තමුන්ගේ පාද වියලි භූමිය පිට තැබූ කල, යොර්දානේ ජලය ස්වකීය ස්ථානයට හැරී ඇවිත්, පළමු ලෙස එහි සියලු ඉවුරු ඉක්මවා උතුරා ගියේය.