මම මෝසෙස් සහ ආරොන් යවා මා විසින් මිසරය මධ්‍යයෙහි කළ ප්‍රකාරයටම ඊට පීඩාකෙළෙමි. පසුව නුඹලා පිටතට ගෙනායෙමි.
උන්වහන්සේ ස්වකීය සෙනඟ ප්‍රීතියද තමන් තෝරාගත්තවුන් ගීතයද ඇතුව පිටත ගෙනාසේක.
කුලුඳුලන් නැසීමෙන් මිසරයට පහර දුන් තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ රාමෙසෙස්හි සිට සුකොත්ට ගමන්කළෝය, බාලයන් හැර පයින් ගියාවූ පුරුෂයෝ සලක්ෂයක් පමණ වූවෝය.
තවද හාරසිය තිස් අවුරුද්ද කෙළවරවූ දවසේදීම ස්වාමීන්වහන්සේගේ සියලු සේනාවෝ මිසර දේශයෙන් පිටත්ව ගියෝය.
ඒ දවසේම ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඔවුන්ගේ සේනාවල ප්‍රකාරයට මිසර දේශයෙන් පිටතට ගෙනාසේක.
ඉතින් එන්න, නුඹ මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසරයෙන් පිටතට ගෙනෙන පිණිස මම ඵාරාවෝ වෙතට නුඹ යවන්නෙමියි කීසේක.
ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් පිටත ගෙනෙන පිණිස මිසරයේ රජවූ ඵාරාවෝට කථාකළේ මෙම මෝසෙස් සහ ආරොන්ය.
මා විසින් නුඹලාගේ පියවරුන් මිසරයෙන් පිටතට ගෙනා කල නුඹලා මුහුද ළඟට ආවහුය; මිසරවරු රථ සහ අසරුවන් ඇතුව නුඹලාගේ පියවරුන් පස්සේ එළවාගන රතු මුහුද දක්වා ආවෝය.