ඊසාක්ට යාකොබ්ද ඒසව්ද දුනිමි. ඒසව්ට සේයිර් කඳුකරයද උරුමයක් කොට දුනිමි; යාකොබ්ද ඔහුගේ පුත්‍රයෝද මිසරයට ගියෝය.
තවද යාකොබ් ඒදොම් රටවූ සේයිර් දේශයෙහි සිටි තම සහෝදරවූ ඒසව් වෙතට තමාට පෙරටුව පණිවුඩකාරයන් යැවුවේය.
ඒසව් වනාහි සේයිර් කන්දෙහි විසුයේය. ඒසව් නම් ඒදොම්ය.
සේයිර් කඳුකරයෙහි වූ ඒදොම්වරුන්ගේ පියවූ ඒසව්ගේ පරම්පරාවල් මේය.
ඉශ්‍රායෙල්ද මිසරයට ආයේය; යාකොබ් හාම්ගේ දේශයෙහි විදේශීව සිටියේය.
බලව, දරුවෝ ස්වාමීන්වහන්සේ දෙන උරුමයක්ය. කුසේ ඵලයද උන්වහන්සේගෙන් ලැබෙන විපාකයක්ය.
යාකොබ් මිසරයට ගියේය; ඔහුද අපගේ පියවරුන්ද මළෝය;
ඔවුන්ට විරුද්ධව සටන් නොකරන්න; මක්නිසාද සේයිර් කඳුකරය උරුමයක් කොට ඒසව්ට මා විසින් දී තිබෙන බැවින් ඔවුන්ගේ දේශයෙන් පියවරක් පමණවත් නුඹලාට නොදෙන්නෙමි.