ඔහු ඒ දවසේදී ශබ්දනගා: මම සුවකරන්නෙක් නොවන්නෙමි; මක්නිසාද මාගේ ගෙයි කෑමවත් සළුවක්වත් නැත. මා සෙනඟගේ ආණ්ඩුකාරයා නොකරන්නැයි කියන්නේය.
මම ආබ්‍රම් පොහොසත්කෙළෙමියි නුඹ නොකියන පිණිස යෞවනයන් කෑ දේ සහ මා සමඟ ගියාවූ මිනිසුන්ගේ කොටස හැර
නුඹෙන් පැවතඑන්නෝ පරණ නටබුන් තැන් ගොඩනගන්නෝය. නුඹ බොහෝ පරම්පරාවල අත්තිවාරම් ගොඩනගන්නෙහිය; කැඩුම් හරිගස්සන්නාය, වාසය පිණිස මාවත් අලුත්වැඩියාකරන්නායයි නුඹට කියනු ලැබේ
ඔබ යූදා මුළුමනින්ම එපාකළසේක්ද? සියොන් ඔබගේ ආත්මයට පිළිකුලක්වී තිබේද? අපට සුවවීමක් නැති හැටියට ඔබ අපට පහරදුන්නේ මක්නිසාද? අපි සමාදානය ගැන බලා සිටියෙමුව, නුමුත් කිසි හොඳක් නොවීය; සුවවීමේ කාලයක් ගැනද බලා සිටියෙමුව, නුමුත්, මෙන්න, භයානකකම තිබේ.
යෙරුසලමේ දියණියෙනි, මම නුඹට මොන දැනමුතුකමක් දෙම්ද? නුඹට කුමක් සමානකරම්ද? සියොන් කන්‍යා දියණියෙනි, මා විසින් නුඹ සනසන පිණිස නුඹට කුමක් සමකරම්ද? මක්නිසාද නුඹේ බිඳුම මුහුද මෙන් මහත්ය. නුඹට සුවකරන්ට කාට පුළුවන්ද?
දුර්වල එවුන් නුඹලා විසින් ශක්තිමත් කළේවත්, ලෙඩවූ එකාට සුවකළේවත්, පොඩිවූ එකාගේ තුවාල බැන්දේවත්, පන්නාදමනු ලැබූ එකා නැවත ගෙනාවේවත්, නැතිවුණ එකා සෙවුවේවත් නැත; බලාත්කාරකමින්ද සැරකමින්ද නුඹලා උන් ආණ්ඩුකළහුය.
එප්‍රායිම් තමාගේ රෝගාතුරකමද යූදා තමාගේ තුවාලයද දුටුකල එප්‍රායිම් අෂූර් ළඟට ගියේය, (යූදාද) විරුද්ධකාර රජු ළඟට පණිවුඩ ඇරියේය. නුමුත් නුඹලාට සුවකරන්ට ඔහුට බැරිය, ඔහු නුඹලාගේ තුවාලය සනීපකරන්නෙත් නැත.
එන්න, අපි ස්වාමීන්වහන්සේ වෙතට හැරීයමු. මක්නිසාද ඉරා දැමුවේ උන්වහන්සේය, උන්වහන්සේ අප සුවකරනවා ඇත; පහරදෙන උන්වහන්සේ අපේ තුවාල බඳිනවා ඇත.
අපේ ඇස් ඉදිරියෙහිම කෑමත් අපේ දෙවියන්වහන්සේගේ ගෘහයෙන් ප්‍රීති සන්තෝෂයත් පහවගියා නොවේද?
මක්නිසාද මා සදාකාලේටම ජීවත් වන්නාක්මෙන්, මම මාගේ දිලිසෙන කඩුව මුවහත් කර,