මනුෂ්‍යයෙක් තම පියාගේ වංශයෙහි තමාගේ සහෝදරයා අල්වා කථාකොට: නුඹට සළුවක් ඇත්තේය, නුඹ අපේ ආණ්ඩුකාරයා වී, මේ නාස්තිය නුඹේ අත යටතේ වේවයි කීවොත්,
ඔහු ඒ දවසේදී ශබ්දනගා: මම සුවකරන්නෙක් නොවන්නෙමි; මක්නිසාද මාගේ ගෙයි කෑමවත් සළුවක්වත් නැත. මා සෙනඟගේ ආණ්ඩුකාරයා නොකරන්නැයි කියන්නේය.
ඒ කාලයේදී ස්ත්‍රීන් සත්දෙනෙක් එක පුරුෂයෙකු අල්ලාගෙන: අපි අපේම කෑම කන්නෙමුව, අපේම වස්ත්‍ර අඳින්නෙමුව. නුඹේ නම පමණක් අපට ලැබේවා; අපේ නින්දාව පහකරන්නැයි කියන්නෝය.
එබැවින් රජකමට පත්කරගන්නා පිණිස තමන්වහන්සේ බලාත්කාරයෙන් අල්ලාගන්ට ඔවුන් එන බව යේසුස්වහන්සේ දැන, නැවත තනියම කන්දට ගියසේක.