අලුත් මිදියුස වැලපේ, මිදිවැල මැලවේ, සන්තෝෂ සිත් ඇතුව සිටි සියල්ලෝ සුසුම්ලති.
සාරවත් කෙතෙන් සතුටද ප්‍රීතියද පහකරනලද්දේය; මිදිවතුවල කවිකීමවත් ප්‍රීති ඝෝෂාවවත් නොවන්නේය. කිසි මඩින්නෙක් මිදිපැස්වල මුද්‍රිකඵල මැඩ නොගන්නේය; මම මිදිඵල නෙළීමේ ප්‍රීති ඝෝෂාව නැවැත්වීමි.
මක්නිසාද හෙෂ්බොන්හි කෙත්ද සිබ්මාහි මිදිවැල්ද මැළවේ; ජාතීන්ගේ ස්වාමීහු එහි හොඳ වැල් කඩාදැමුවෝය; ඒවා යාසෙර් දක්වා විහිදී, කාන්තාරයෙහි එහා මෙහා ගියේය; එහි අතුද විහිදී, මුහුදෙන් එතරට ගියේය.
එවිට යූදා නුවරවලිනුත් යෙරුසලමේ වීථිවලිනුත් ප්‍රීති හඬද සන්තෝෂ හඬද මනමාලයාගේ හඬද මනමාලීගේ හඬද නවත්වන්නෙමි. මක්නිසාද දේශය පාළුවක් වන්නේය.
මම ඔවුන්ට විරුද්ධව මාගේ අත දිගුකොට, කාන්තාරය පටන් දිබ්ලා දෙසට පිහිටි ඔවුන්ගේ වාසස්ථාන මුළුල්ලෙහි දේශය පාළුවක්ද නාස්තියක්ද කරන්නෙමි. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.