එබැවින් ශාපයෙන් පොළොව නාස්තිවී, එහි වැසියෝ වරදකාරයෝව සිටිති. ඒ නිසා මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙක් ඉතුරුවෙන හැටියට පොළෝ වැසියෝ දවනු ලැබ සිටිති.
එවිට යූදාහි රජවූ යෙහෝයාඛින්ද ඔහුගේ මෑණියෝද ඔහුගේ සේවකයෝද ඔහුගේ අධිපතියෝද ඔහුගේ ඇමතියෝද පිටතට බබිලෝනියේ රජු ළඟට ගියෝය. බබිලෝනියේ රජතෙමේ තමාගේ රජකම් කිරීමේ අටවෙනි අවුරුද්දේදී ඔහු අල්ලාගත්තේය.
නුමුත් මිදිවතු වවන්ටත් ගොවිතැන් කරන්ටත් රැකවලුන්ගේ අධිපතියා දේශයේ ඉතා දිළිඳුන්ගෙන් සමහරෙක් ඉතුරුකොට ගියේය.
බලවතා හණ මෙන්ද ඔහුගේ වැඩේ ගිනි පුපුරක් මෙන්ද වී, කිසිවෙකු විසින් නිවන්නේ නැතුව, එකට දාලායනවා ඇතැයි කියනසේක.
සේනාවල ස්වාමීන්වහන්සේ අපට ස්වල්ප දෙනෙක් ඉතුරුකර නුදුන්සේක් නම් අපි සොදොම මෙන් වී ගොමොරාවටද සමානවන්නෙමුව.
මක්නිසාද මාගේ කඩුව උදහසින් ස්වර්ගයෙහි නෑවී තිබේ. බලව, ඒක විනිශ්චය පිණිස ඒදොම පිටටත් මා විසින් ශාපයට කැපකළාවූ සෙනඟ පිටටත් බසින්නේය.
එබැවින් මම ශුද්ධස්ථානයේ අධිපතීන් කෙලහා, යාකොබ් ශාපයටත් ඉශ්‍රායෙල් නින්දාවටත් පාවාදුන්නෙමි.
එබැවින් ගිනි දැල්ලට ඉපනැල්ල දාලායන්නාක්මෙන්ද වියළි තෘණ ගින්නට වැටීයන්නාක්මෙන්ද ඔවුන්ගේ මුල දිරුම මෙන් වන්නේය, ඔවුන්ගේ මල ධූලි මෙන් නැගීයන්නේය. මක්නිසාද ඔව්හු සේනාවල ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව එපාකර, ඉශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනන්වහන්සේගේ වචනය සුළුකළෝය.
සේනාවල ස්වාමීන්වහන්සේගේ උදහසින් දේශය දාලා ගියාය. සෙනඟද ගින්නට දර මෙන් වෙති; කිසිවෙක් තමාගේ සහෝදරයාට කරුණා නොකෙරෙයි.
දේශය වැලපෙන්නෙත් මුළු රටේ තෘණ මැලවෙන්නෙත් කොපමණ කල්ද? එහි වැසියන්ගේ දුෂ්ටකම නිසා මෘගයෝද පක්ෂීහුද නැතුව ගියෝය; මක්නිසාද: ඔහු අපේ අන්තිමය නොදකින්නේයයි ඔව්හු කීවෝය.
එබැවින් නුඹලා ඔය වචනය කියන නිසා සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, නුඹේ මුඛයේ තිබෙන මාගේ වචන ගින්නක්ද මේ සෙනඟ දරද කරන්නෙමි, එයින් ඔවුන් දාලා යනවා ඇත.
එයින් ගණනින් ස්වල්පයක් රැගෙන ඒවා නුඹේ රෙදි කොන්වල බැඳගන්න.
මම නුඹලා අතරට වන මෘගයන් එවන්නෙමි, උන් නුඹලාගේ දරුවන් නුඹලාගෙන් කොල්ලකන්නෝය, නුඹලාගේ ගවයන් විනාශකරන්නෝය; නුඹලා ගණනින් අඩුකරන්නෝය; එසේ නුඹලාගේ මාර්ග පාළුවන්නේය.
මාගේ නාමයට ගෞරවදෙන හැටියට නුඹලා අසා සිතට නොගන්නහුනම් මම නුඹලා අතරට ශාපය එවා, නුඹලාගේ ආශීර්වාදවලට ශාපකරන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එසේය, නුඹලා සිතට නොගන්න නිසා මම ඒවාට ශාපම කෙළෙමි.
ශාපය නුඹලා පිටට පැමිණ තිබේ; මක්නිසාද නුඹලා, එනම් මේ මුළු ජාතිය, මගෙන් කොල්ලකන්නහුය.
මක්නිසාද උදුනක් මෙන් ඇවිළෙන දවස පැමිණෙන්නේය; එවිට සියලු උඩඟු අයද දුෂ්ටකම්කරන සියල්ලන්ද ඉපනැලි වී, ඔවුන්ට මුලක්වත් අත්තක්වත් ඉතුරු නොවෙන හැටියට, පැමිණෙන ඒ දවසේදී දාලා යනවා ඇතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
මා ඇවිත් ශාපයකින් දේශයට පහර නොදෙන පිණිස, ඔහු පියවරුන්ගේ සිත් දරුවන් වෙතටත් දරුවන්ගේ සිත් පියවරුන් වෙතටත් හරවන්නේය.
මුළු සෙනඟ උත්තර දෙමින්: ඔහුගේ ලේ අප පිටද අපගේ දරුවන් පිටද වේවයි කීවෝය.
මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය.
තවද යෙසායා මොරගසා ඉශ්‍රායෙල් ගැන කියන්නේ: ඉශ්‍රායෙල් දරුවන්ගේ ගණන මුහුදේ වැලිමෙන් වන නුමුත්, ගැළවෙන්නේ ස්වල්ප දෙනෙක් පමණක්ය.
නුඹලා අහසේ තාරකා මෙන් වැඩිවී සිටිය නුමුත්, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කන්නුදුන් බැවින් නුඹලා ස්වල්ප ගණනක්ව ඉතිරි වන්නාහුය.
ස්වාමීන්වහන්සේ මනුෂ්‍ය වර්ගයන් අතරෙහි නුඹලා විසුරුවනවා ඇත, ස්වාමීන්වහන්සේ විසින් නුඹලා පමුණුවන ජාතීන් අතරෙහි නුඹලා ගණනින් ස්වල්පව සිටින්නහුය.
එහෙත් සොරෙකුමෙන් ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙන්නේය; ඒ දවසේදී අහස මහත් ඝෝෂාවකින් පහවයන්නේය, මහාභූතයෝද තද උෂ්ණයෙන් නාස්තිවී යන්නෝය, පොළොවද එහි තිබෙන කර්මාන්තද දාලායන්නේය.