ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා කී ලෙස ඵාරාවෝගේ සිත දැඩිවිය, ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන් යන්ට නොහැරියේය.
නමුත් බලවත් අතකින් වුවත් මිසරයේ රජු නුඹලාට යන්ට අවසර නොදෙන බව දනිමි.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ මිසරයට නැවත පැමිණි කල්හි මා විසින් නුඹේ අතෙහි තැබූ සියලු ආශ්චර්යයන් ඵාරාවෝ ඉදිරියේ කරන්ට බලාගන්න. එහෙත් සෙනඟ යන්ට නොහරින ලෙස මම ඔහුගේ සිත දැඩිකරන්නෙමි.
එහෙත් ස්වාමීන්වහන්සේ කී ලෙස ඵාරාවෝගේ සිත දැඩිවිය, ඔහු ඔවුන්ට ඇහුම්කන් නුදුන්නේය.
ඵාරාවෝ වනාහි වර්ෂාවද ගල් වර්ෂාවද අකුණු ගර්ජනාද නැවතුණු බව දුටු කල ඔහුත් ඔහුගේ සේවකයොත් වඩ වඩා පව්කරමින් තමන්ගේ සිත් දැඩි-කරගත්තෝය.