ඵාරාවෝ වනාහි වර්ෂාවද ගල් වර්ෂාවද අකුණු ගර්ජනාද නැවතුණු බව දුටු කල ඔහුත් ඔහුගේ සේවකයොත් වඩ වඩා පව්කරමින් තමන්ගේ සිත් දැඩි-කරගත්තෝය.
මෙම ආහාස් රජු තමාට විපත පැමිණි කාලයේදී තව තව ස්වාමීන්වහන්සේට විරුද්ධව ද්‍රෝහිකම්කෙළේය.
ඔහුගේ පියවූ මනස්සේ යටහත් වුණාක්මෙන් ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යටහත් නොවීය; මක්නිසාද මෙම ආමොන් වඩ වඩා අපරාධකෙළේය.
තවද ඔහු දෙවියන්වහන්සේගේ නමින් ඔහු දිවුරෙවු නෙබුකද්නෙශර් රජුට විරුද්ධව කැරළිගැසුවේය. ඔහු ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට නොහැරෙන ලෙස තමාගේ කුළල තදකරගන තමාගේ සිත දැඩිකරගත්තේය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ මිසරයට නැවත පැමිණි කල්හි මා විසින් නුඹේ අතෙහි තැබූ සියලු ආශ්චර්යයන් ඵාරාවෝ ඉදිරියේ කරන්ට බලාගන්න. එහෙත් සෙනඟ යන්ට නොහරින ලෙස මම ඔහුගේ සිත දැඩිකරන්නෙමි.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඵාරාවෝගේ සිත මුරණ්ඩුය, ඔහු සෙනඟ යන්ට නොහරියි.
එහෙත් ඵාරාවෝ අවකාශයක් ලැබුණු බව දැක ස්වාමීන්වහන්සේ කියා තිබුණු ලෙස තමාගේ සිත දැඩිකරගෙන ඔවුන්ට කන් නුදුන්නේය.
මෝසෙස් ඵාරාවෝ කෙරෙන් නුවරින් පිටතට ගොස් ස්වාමීන්වහන්සේ දෙසට තමාගේ අත් දිගුකෙළේය. එවිට අකුණු ගර්ජනා සහ ගල් වර්ෂාවද නැවතුණේය, වර්ෂාවද පොළෝ මතුපිට නොවැස්සේය.
ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා කී ලෙස ඵාරාවෝගේ සිත දැඩිවිය, ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන් යන්ට නොහැරියේය.
නපුරු ක්‍රියාවකට විරුද්ධව නඩු තීන්දුව ඉක්මනින් ඉෂ්ට නොවන නිසා මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් නපුර කිරීමට ඔවුන් තුළ නිර්භීතවන්නේය.
මිසරවරුන් හා ඵාරාවෝ තමුන්ගේ සිත් දැඩිකරගත් ලෙස නුඹලාත් සිත් දැඩිකරගන්නේ මක්නිසාද? උන්වහන්සේ ඔවුන් අතරේ පුදුම ලෙස ක්‍රියාකළ විට ඔවුන් සෙනඟට යන්ට අවකාශ දුන්නා නොවේද? ඔවුන් පිටත්ව ගියා නොවේද?