එහෙත් ඔහු: නුඹලා කම්මැළිය, නුඹලා කම්මැළිය. එබැවින්–අපි ගොස් ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරමුයයි කියන්නහුය.
ඔව්හු ඔබගේ මෙහෙකරුවන්ට පිදුරු නොදෙති, නුමුත් ගඩොල් සාදන්නැයි අපට කියති. මෙසේ වැරැද්ද ඔබගේම සෙනඟගේ අතේ තිබියදී ඔබගේ මෙහෙකරුවෝ තැළුම්කතියි කීවෝය.
ඒ නිසා දැන් ගොස් වැඩකරන්න; පිදුරු කොහෙත්ම නුඹලාට දෙනු නොලැබේ, නුමුත් නුඹලාට නියම ගඩොල් ගණන භාරදෙන්ට ඕනෑයයි කීයේය.
එහෙත් ඔවුන් පළමු සෑදූ ගඩොල් ගණනම සාදන්ට ඔවුන්ට නියමකරන්න; එයින් කිසිවක් අඩු නොකරන්න. මක්නිසාද ඔව්හු කම්මැළිය; එබැවින්: අපේ දෙවියන්වහන්සේට පූජාකරන්ට යන්ට අවසරදුනමැනවියි මොරගසති.
නුමුත් ගෝලයෝ ඒ දැක කිපී: මේ නාස්තිය කළේ කුමටද?
නැතිවී යන කෑම පිණිස නොව සදාකාල ජීවනයට පවතින්නාවූ කෑම පිණිස වැඩකරන්න, එය මනුෂ්‍ය පුත්‍රයා නුඹලාට දෙනසේක. මක්නිසාද පියාණන්වහන්සේ, එනම්, දෙවියන්වහන්සේ විසින් ඔහු මුද්‍රාකොට තිබේයයි කීසේක.