Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



නික්මයාම 5:16

Sinhala Revised Old Version

ඔව්හු ඔබගේ මෙහෙකරුවන්ට පිදුරු නොදෙති, නුමුත් ගඩොල් සාදන්නැයි අපට කියති. මෙසේ වැරැද්ද ඔබගේම සෙනඟගේ අතේ තිබියදී ඔබගේ මෙහෙකරුවෝ තැළුම්කතියි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

ඔව්හු එකිනෙකාට කථාකොට: එන්න, අපි ගඩොල් සාදා හොඳට පුළුස්සමුයයි කීවෝය. ගල් වෙනුවට ගඩොල්ද බදාම වෙනුවට කීල්ද ඔවුන්ට තිබුණේය.

තරුණයන්ගේ දැනමිතිකමේ හැටියට ඔවුන්ට කථාකොට: මාගේ පියාණෝ නුඹලා පිට බර වියගහක් තැබුවාහ, නුමුත් මම නුඹලාගේ වියගහ තව වඩා බර කරන්නෙමි. මාගේ පියාණෝ කසලවලින් නුඹලාට දඬුවම් කළාහ, මම වනාහි ගෝනුස්සන්ගෙන් නුඹලාට දඬුවම් කරන්නෙමියි කීවේය.

ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුලාදෑනීහු අවුත් ඵාරාවෝට කන්නලව්කරමින්: ඔබගේ මෙහෙකරුවන්ට මෙසේ කරන්නේ මක්නිසාද?

එහෙත් ඔහු: නුඹලා කම්මැළිය, නුඹලා කම්මැළිය. එබැවින්–අපි ගොස් ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරමුයයි කියන්නහුය.

නැවත මම හැරී ඉර යට කෙරෙන සියලුම පීඩා දුටිමි. එවිට පීඩා ලබන්නන්ගේ කඳුළු දුටිමි, ඔවුන් සනසන්නෙක්ද නොවීය; ඔවුන්ට පීඩා කරන්නන්ගේ පක්ෂයට බලය තිබුණේය, නුමුත් සනසන්නෙක් නොසිටියේය.

නුඹ උපන් දවසේදී, නුඹ උපන් කල නුඹේ පෙකනිවැළ කැපුවේවත් පිරිසිදුකිරීමට නුඹ වතුරෙන් නෑවුවේවත් නුඹට ලුණු කොහෙත්ම ගෑවේවත් රෙදි එතුවේවත් නැත.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්