මේසය ඇතුළට ගෙන එහි බඩු පිළිවෙළින් තබන්න; පහන් රුකද ඇතුළට ගෙන ඒකේ පහන් දල්වන්න.
එළිය දීමට පහනක් නිතර දැල්වී තිබෙන පිණිස, කොටා සිඳගත් පිරිසිදු ඔලීව තෙල් නුඹ ළඟට ගෙනෙන්ට ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකරන්න.
ඔහු ඒවා ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා නිරන්තර ගිවිසුමක් වන පිණිස හැම සබත් දවසේම ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නිතරම පිළිවෙළට තබන්නේය.