Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



නික්මයාම 40:3

Sinhala Revised Old Version

සාක්ෂිපෙට්ටිය එහි තබා පෙට්ටිය තිරයෙන් බෙදා වෙන්කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

16 හුවමාරු යොමු  

මක්නිසාද මම ඉශ්‍රායෙල්වරුන් ගෙනා දවස පටන් අද දක්වා ගෘහයක වාසය නොකොට කූඩාරමෙන් කූඩාරමටද මණ්ඩපයෙන් මණ්ඩපයටද යමින් හැසුරුණෙමි.

ඔව්හු ෂිටිම් ලීවලින් පෙට්ටියක් සාදත්වා. ඒකේ දිග දෙරියන් හමාරක්ද ඒකේ පළල එක්රියන් හමාරක්ද ඒකේ උස එක්රියන් හමාරක්ද වියයුතුය.

මම එහිදී නුඹට සම්මුඛව සාක්ෂි පෙට්ටිය මතුයෙහි සිටින කෙරුබිම් දෙදෙනා අතරේ කරුණාසනය උඩ සිට මා විසින් නුඹ ලවා ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා අණකරවන සියල්ල ගැන නුඹ සමඟ කථාකරන්නෙමි.

නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින් තිරයක් සාදන්න. ඒක දක්ෂ කම්කරුවෙකු විසින් කළ කෙරුබ් රූප සහිතව සෑදිය යුතුය.

සම්මුඛවීමේ කූඩාරමද සාක්ෂි පෙට්ටියද ඒක පිට තබන කරුණාසනයද කූඩාරමේ සියලු බඩුද,

ගිවිසුම් පෙට්ටිය සහ ඒකේ පොලුද කරුණාසනයද කඩතුරාවේ වැස්මද;

මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සමූහයට මෙසේ කීය: ස්වාමීන්වහන්සේ අණකර කීවාවූ දේ මේය–

සම්මුඛවීමේ කූඩාරමේ මණ්ඩපයේ සියලු කර්මාන්ත මෙසේ නිමවනලද්දේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස කළෝය.

තවද ඔහු ගොනාගේ ලෙයින් ස්වල්පයක් ගෙන තමාගේ ඇඟිල්ලෙන් කරුණාසනයෙහි නැගෙන ඉර පැත්තේ ඉසින්නේය; ඔහු කරුණාසනය ඉදිරියෙහි තමාගේ ඇඟිල්ලෙන් ඒ ලේ සත් වරක් ඉසිය යුතුය.

කඳවුර නික්මෙන කල ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ අවුත් වහන තිරය බාගෙන එයින් සාක්ෂි පෙට්ටිය වසා,

ඊට ශුද්ධස්ථානයයි කියනලදී. දෙවෙනි තිරය ඇතුළෙන් අති ශුද්ධස්ථානයයයි කියනලද මණ්ඩපය තිබුණේය.

එවිට ස්වර්ගයෙහි තිබෙන දෙවියන්වහන්සේගේ මාළිගාව අරිනලද්දේය. උන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද උන්වහන්සේගේ මාළිගාවෙහි පෙනුණේය; එවිට විදුලිද ශබ්දද ගර්ජනාද භූමිකම්පාවක්ද මහත් ගල්වර්ෂාවක්ද විය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්