ඔව්හු ඒඵොද්හි කර්මාන්තය මෙන් රනින්ද නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින්ද කළ දක්ෂ කම්කරුවාගේ කර්මාන්තයෙන් යුක්තවූ ළය වැස්ම සෑදුවේය.
මාගේ කරුණාව සදාකල් ඔහු උදෙසා පවත්වන්නෙමි, මාගේ ගිවිසුම ඔහු සමඟ ස්ථිරව පවතින්නේය.
ඒඵොද් සහ ළයවැස්ම උදෙසා නඛමාණික්‍යද බැඳීමට ගල්ද යන මේවාය.
තවද මණ්ඩපය තිර දසයකින් සාදන්න; නිල්වන්වූ රත්නිල්වූ රත්වන්වූ කටිනලද සිහින් හණවලින් දක්ෂ කම්කරුවෙකු විසින් කළ කෙරුබ් රූප ඇතුව ඒවා සාදන්න.
ඔවුන් විසින් සෑදිය යුතු වස්ත්‍ර නම්: ළය වැස්මක්ද ඒඵොද් සැට්ටයක්ද සළුවක්ද විසිතුරු උතුරු සළුවක්ද මකුටයක්ද ඉඟ පටියක්ද යන මේවාය. නුඹේ සහෝදරවූ ආරොන් පූජක තනතුරෙහි මට සේවය කරන පිණිස ඔහුටත් ඔහුගේ පුත්‍රයන්ටත් ශුද්ධ වස්ත්‍ර සාදත්වා.
ඒක සතරැස් විය; ඔව්හු ළය වැස්ම ද්විගුණකොට සෑදුවෝය. ඒකේ දිග වියතක්ය, ඒකේ පළල වියතක්ය, ඒක දෙපට වූයේය.
උන්වහන්සේ යුද්ධ සැට්ටයක් කොට ධර්මිෂ්ඨකමද තමන් හිසේ ගැළවීම නැමති තොප්පියද පැළඳගත්සේක; තවද ඇඳුම පිණිස පළිගැනීම නැමති වස්ත්‍ර පැළඳගෙන, ජ්වලිතකම සළුවක්කොට පෙරවාගන සිටිසේක.
එබැවින් නුඹලාගේ ඉඟටි සැබෑකම නැමති පටියෙන් බැඳගෙන, ධර්මිෂ්ඨකම නැමති ළයවැස්ම පැළඳගෙන,