Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



නික්මයාම 39:7

Sinhala Revised Old Version

ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා සිහිවීමේ ගල් පිණිස ඒවා ඒඵොද් සැට්ටයේ උරපටි පිට සවිකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

එවිට මම ඔවුන්ට උත්තරදෙමින්: ස්වර්ගයේ දෙවියන්වහන්සේම අපේ කාරණය සඵලකරනවා ඇත; එබැවින් උන්වහන්සේගේ සේවකයෝවූ අපි නැගිට ගොඩනගන්නෙමුව. නුමුත් නුඹලාට යෙරුසලමෙහි කිසි කොටසක් හෝ අයිතිවාසිකමක්වත් සිහිවීමේ ලකුණක්වත් නැතැයි කීවෙමි.

ඒ මැණික් දෙක ඉශ්‍රායෙල් පුත්‍රයන්ට සිහිවීමේ ගල් පිණිස ඒඵොද් සැට්ටයේ උර පටි පිහිටුවන්න. මෙසේ ආරොන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිහිකරවීමක් පිණිස ඔවුන්ගේ නම් තමාගේ දෙඋර පිට දරන්නේය.

මෙසේ ආරොන් ශුද්ධ ස්ථානයට ඇතුල්වන කල්හි ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නිරන්තර සිහිකරවීමක් පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ නාම විනිශ්චයේ ළය වැස්මෙහි තමාගේ හෘදය පිට දරාවා.

එය එකට සම්බන්ධකරන පිණිස උරපටි දෙක ඒකේ දෙකෙළවරේ බඳිනු ලැබිය යුතුය.

සැබවක් නුඹලාට කියමි–ලොව මුළුල්ලේ ශුභාරංචිය ප්‍රකාශකරනු ලබන සෑම තැන්වලදීම මේ ස්ත්‍රිය කළ ක්‍රියාවත් ඈ ගැන සිහිවීමක් කොට කියනු ලබන්නේයයි කීසේක.

නුඹලා ඔවුන්ට කථාකර: ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි යොර්දානේ ජලය බෙදී ගිය නිසාය; පෙට්ටිය යොර්දානෙන් මෙතරට එන විට යොර්දාන් ජලය බෙදී ගියේය. මේ ගල්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ට සදාකාල සිහිවීමක් පිණිස වන්නේයයි කියන්නැයි කීවේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්