Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



නික්මයාම 38:19

Sinhala Revised Old Version

ඒවායේ කුළුනු සතරක්ය, ඒවායේ අඩි සතරක්ය, ඒවා පිත්තලෙන් විය; ඒවායේ කොකුද පේකඩ වැස්මද ඒවායේ පටිද රිදීයෙන් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

4 හුවමාරු යොමු  

කුළුනු මුදුන් පිට තබන්ට ඔහු පිත්තල පේකඩ දෙකක් වාත්තුකර සෑදුවේය. එක පේකඩයක උස රියන් පහක්ය, අනික් පේකඩයේ උස රියන් පහක්ය.

ඒකේ කුළුනු විස්සක්ද ඒ කුළුනුවල අඩි විස්සක්ද පිත්තලෙන් විය යුතුය; කුළුනුවල කොකුද ඒවායේ පටිද රිදීයෙන් විය යුතුය.

මළුවේ දොරටුවේ කඩතුරාව නිල්, රත්නිල්, රතු නූල්වලින්ද කටිනලද සිහින් හණ නූල්වලින්ද විසිතුරු කළ වැඩක්ව තිබුණේය. මළුවේ තිරවල ප්‍රමාණයට සමාන වන ලෙස ඒකේ දිග විසි රියනක්ද පළලෙන් ඒකේ උස පස් රියනක්ද විය.

මණ්ඩපයේද හාත්පස මළුවේද සියලු ඇණ පිත්තලෙන් විය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්